News Line| Off Air| Games
Generic placeholder image

Mar
4

මීලග ජනාධිපතිවරණය ජය ගන්නේ ජාතික ඇඳුම අදින කෙනෙක් – වෙල්ගම

652 Views


මීලග ජනාධිපතිවරණය ජය ගන්නේ ජාතික ඇඳුම අදින කෙනෙක් –  වෙල්ගම

එළඹෙන ජනාධිපතිවරණයේදී ද ජය ලබන්නේ ජාතික ඇඳුම අඳින්නෙකු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පවසනවා. කලූතර ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොහොට්ටුවේ සිටින්නේ එකම අදහස් තියෙන අයයි. අපි තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මහින්ද රාජපක්ෂ මහත්තයාත් තාම නිදහස් පක්ෂයේ. අපි පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදුජන එක්සත් පෙරමුණයි. මහජනතාව වැඩි වශයෙන් කැමැත්ත පොදුජන පෙරමුණටයි. පොදුජන පෙරමුණ තනියම ජන්දේ ඉල්ලුවත් වැඩිම ජන්ද සංඛ්‍යාවක් ලබනවා. ජාතික මැතිවරණයකදී අපි දෙගොල්ලෝ එකට එකතු වෙලා තරග කරනවා. මේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය තියන්නේ නැහැ. ඔවුන්ගේ ඉලක්කය ජනාධිපති මැතිවරණයක්. මොන මැතිවරණයක් ආවත් මගේ නායකයා මහින්ද රාජපක්ෂයි. මම වගකීමෙන් කියනවා ඊලග ජනාධිපති ජාතික ඇඳුම අදින කෙනෙක්. ආවට පස්සේ බලාගන්න පුළුවන් කොහොමද වැඩේ කළේ කියලා, මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post