News Line| Off Air| Games
Generic placeholder image

Sep
4

මුන්දලම පෙරියපාඩු වෙරළට අද ගසා ගෙන ආ දේ

1137 Views


මුන්දලම පෙරියපාඩු වෙරළට අද ගසා ගෙන ආ දේ

මුන්දලම පෙරියපාඩු වෙරළට කිසියම් මුහුදු සිමාවන් සලකුණු කරන බෝයාවකට සමාන උපකරණයක් අද (4) ගොඩගසා ඇති බව ධිවරයෝ ප්‍රකාශ කළා.

පෙරියපාඩු වෙරළට ගොඩ ගසා ඇති මෙම උපකරණය අඩි දහයකට ආසන්න උසකින් යුතු අතර එහි පහළ කොටස පයිබර් හෝ වෙනත් දෙයකින් සකසා ඇති අතර ඉහළ කොටස යකඩ වලින් සකසා ඇති බවත් මෙය කිලෝ 5000 කටත් වඩා (ටොන් 5) බරකින් යුත් බවත් ධිවරයෝ සඳහන් කරනවා.

පෙරියපාඩු වෙරළට ගොඩ ගසා ඇති මෙම උපකරණය මේ දිනවල පවතින අධික මුහුදු රළත් සමග ගසා ගෙන එන්නට ඇති බව ධිවරයින් පවසන අතර මෙම උපකරණය ආසන්නයේ පිහිටි නාවික හමුදා කඳවුරේ භටයින් කඹ දමා ගොඩට ඇඳ ගැනිමට උත්සාහ කර තිබුණත් අධික බරකින් යුක්ත විම නිසා එය ගොඩට ගැනිමට නොහැකි වී තිබෙනවා.

කෙසේ නමුත් මේ සම්බන්ධව පුත්තලම ධිවර හා ජලජ සම්පත් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා මෙලෙස අදහස් පල කළා.

“ මේ උපකරණය පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගන්න ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයට යවා තිබෙනවා. දැනට මම සැකකරනවා මෙය ජාත්‍යන්තර මුහුදේ සිමාවන් සදහා යොදපු බෝයාවක් හෝ එසේ නැත්නම් මුහුදේ ඇතිවන තත්ත්වයන් පරික්ෂණ කරන්න යොදපු උපකරණයක් වෙන්නත් පුළුවන්. මෙහි බොහෝ විට අධිතාක්ෂණික උපකරණ සවිකරලා තිබෙන්න පුළුවන්. මේ නිසා මෙහි තොරතුරු දැන ගත් විගස දන්වන්නම්” යැයි සහකාර අධ්‍යක්ෂවරයා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post