News Line| Off Air| Games
Generic placeholder image

Oct
7

මෙවර පැවැත්වෙන්නේ ඉතිහාසගත ජනාධිපතිවරණයක්

438 Views


මෙවර පැවැත්වෙන්නේ ඉතිහාසගත ජනාධිපතිවරණයක්

මෙවර ජනාධිපතිවරණයට අපේක්‍ෂකයින් 35 දෙනෙකු සහභාගි වන බැවින් එය ඉතිහාසගත ජනාධිපතිවරණයක් වනවා.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයෙකුගේ පුතෙක් ජනාධිපති අපෙක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත්වන්නේද ප‍්‍රථම වතාවටයි.

හිටපු ජනාධිපතිවරයෙකුගේ සහෝදරයෙකු ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන්නේ ප‍්‍රථම වතාවට වන අතර අවුරුදු 20 කට පසු කාන්තාවක් ඉදිරිපත් වන ජනාධිපතිවරණයද මෙය වනවා.

එමෙන්ම මෙවර ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති, අගමැති, විපක්‍ෂනායක, කතානායක යන කිසිවෙක් ඉදිරපත් නොවීම විශේෂත්වයක්.

ජනාධිපතිවරණයක් සඳහා මෙරට ඉතිහාසයේ යොදා ගන්නා දිගම ඡන්ද පත්‍රිකාව මෙවර යොදා ගැනීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මීට අමතරව ඡන්දය භාවිත කිරීම සඳහා යොදා ගන්නා ඡන්ද පෙට්ටි ද පිටරටින් ගෙන්වීමට සිදුව ඇති බව නාම යෝ්ජනා භාර ගැනීමෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම, මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි 011 – 2 868212, 011 2 868214 හෝ 011 2 868217 යන දුරකථන අංක අමතා ලබාදීමේ හැකියාව පවතිනවා.

නාම යෝජනා භාරදුන් අද දිනයේ සිට ජනාධිපතිවරණය පවත්වා අවසන් වී සතියක් ගත වන තුරු පෙළපාලි පැවැත්වීම තහනම් වන අතර, එවැනි පෙළපාලි නැවැත්වීමට මෙන්ම එවැනි අවස්ථා වීඩියෝගත කර අධිකරණයට වාර්තා කිරීමට පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post