News Line| Off Air| Games
Generic placeholder image

Mar
6

මේක විපක්ෂය නැති වෙන අයවැයක්

598 Views


මේක විපක්ෂය නැති වෙන අයවැයක්

මේක මැතිවරණ අයවැයක් කියලා විපක්ෂය කිව්වත්, මේක විපක්ෂය නැතිවෙන අයවැයක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසිය.

ඒ මහතා මෙම අදහස් පළකලේ, අද (06) පෙරවරුවේ කෙරවලපිටිය ද්විත්ව චක්‍රීය තාප බලාගාර පරිශ්‍රයේ පැවති නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“අප රටේ අත්‍යාවශ්‍ය යටිතල පහසුකමක් වන විදුලිය අවම මිලකට නිෂ්පාදනය කරලා, අවම මිලක් යටතේ පාරිභෝගිකයාට ලබාදීලා, සෙතක් සලසන්නයි අපි අවධානය යොමු කරන්නේ. එහෙම නැති වුණාම වෙන්නේ අනපේක්ෂිත නිෂ්පාදන බිදවැටීම් වලදී, හදිසි විදුලිය මිලදී ගැනීම් සිදුකර, ඒ සඳහා විශාල බිල් ගෙවීමයි.

සීමිත සම්පත්, අසීමිත ඉල්ලීම් සදහා යොදාගනිමින්  මෙවර අයවැය ඉදිරිපත් කරලා තිබෙනවා. ආණ්ඩුවක් වශයෙන් ජනතාවට පුළුවන්  උපරිමයෙන් සහන ලබාදෙන්න තමයි අපේක්ෂා කරන්නේ. මීටත් වඩා දෙන්න තිබෙනවානම් හොඳයි. ඒ පිළිබඳව අවධානය යොමුකරලා, අඩුපාඩු තිබෙනවානම් ඒවා සකස් කරගන්න මේ දවස්වල කටයුතු කරගෙන යනවා.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ, යමක් කිව්වොත් ඒ දේ කරන පක්ෂයක්. අපි ආණ්ඩුවක් වශයෙන් අයවැය ඉදිරිපත් කළේ විශිෂ්ඨ ආකාරයෙන් සම්මත කරගෙන ජනතාවට සහන සලසන්න මිසක්, කාටවත් බයේ කටයුතු කරන්න නෙමෙයි.

ආණ්ඩු පක්ෂය, විපක්ෂය කියලා සටන් කරලා අවසානයේ ජනතාව තමයි දුක් විදින්නේ. ඒ නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යම් එකගතාවයක් ඇති කරගෙන, එකට වැඩකරන්න පුළුවන් තත්ත්වයක් උදාකරගෙන සෙතක් සලසා ගත යුතුයි යැයි ඔහු වැඩිදුරටත් පැවසිය .


News Articles
Latest Videos
Most Popular Post