News Line| Off Air| Games
Generic placeholder image

Apr
1

මොකක්ද මේ අප්‍රේල් පළවෙනිදා හෙවත් මෝඩයින්ගේ දවස කියන්නෙ ?

709 Views


මොකක්ද මේ අප්‍රේල් පළවෙනිදා හෙවත් මෝඩයින්ගේ දවස කියන්නෙ ?

අප්‍රේල් මාසෙ පළවෙනිදා මෝඩයින්ගේ දිනය කියලා හඳුන්වන්න අද වෙනකොට ගොඩක් දෙනෙක් පුරුදු වෙලා තියෙනවා. හේතුවවත් හරියට නොදැන මේ විදිහට අප්‍රේල් පළවෙනිදා මෝඩයින්ගේ දිනය විදිහට ගොඩක් අය සලකනවා. ඉතිං සියත 24 අපි හිතුවා මේ අප්‍රේල් පළවෙනිදා දවස ගැන විස්තර ටිකක් ඔයාට කියන්න.

මේ දවසෙ ආරම්භය ගැන නම් විශේෂ සඳහන් කිරීමක් දැක්වෙන්නෙ නැහැ. මෙහි ආරම්භය එය 1582 ප්‍රංශයෙන් ඇරඹුනු බව විශ්වාස කෙරෙනවාඅ.

ප්‍රංශයේ රජ කල 09 වැනි චාල්ස් රජුගේ පාලන සමයේ එහි 08 වැනි ජෝර්ජ් පාප් වහන්සේ විසින් එතෙක් තිබු ජුලියන් කැලැන්ඩරය වෙනුවට ජොර්ජියන් කැලන්ඩරය හදුන්වා දීමත් සමග 09 වැනි චාල්ස් රජුද ප්‍රංශ ජනතාවට එය භාවිතා කිරීමට නියම කලා.

එතෙක් භාවිතා කරනු ලැබු ජුලියන් කැලැන්ඩරයේ අලුත් අවුරුද්ද මාර්තු 25 සිට අප්‍රේල් 01 වැනිදා දක්වා සැමරීම සිදු කල අතර අලුතින් හදුන්වා දුන් ජොර්ජියන් කැලන්ඩරයේ අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ ජනවාරී 01 වැනිදායිනි.

එකල සන්නිවේදන මෙතරම් දියුණු නොවීම හින්දම කටින් කට ගිය මේ අලුත්කැ ලැන්ඩරයේ දින වෙනස ප්‍රංශයේ සමහර නගර වල ක්‍රියාත්මක වුයේ නෑ.

ඔවුන් වෙනදා වගේම මාර්තු 25 සිට සමරමින් අප්‍රේල් 01 අලුත් අවුරුදු දිනය ලෙස සලකා කටයුතු කලා.මෙසේ කටයුතු කල පුද්ගලයන් “මෝඩයන් “ ලෙස හදුන්වන්නට වු අතර අප්‍රේල් 01 “මෝඩයින්ගේ දිනය“ ලෙස හදුන්වන්වලා තියෙනවා.

මෙන්න මේ කතාව තමා අද බොහෝම දෙනා අප්‍රේල් 01 “මෝඩයන්ගේ දිනය“ ආරම්භය විදිහට සලකන්නේ.

කාලයත් සමඟම එය බ්‍රිතාන්‍ය හා ස්කොට්ලන්තය රට වලටත් 18 සියවසේදී ඇමරිකානු කොලනි සඳහා ප්‍රංශ හා බ්‍රිතාන්‍ය පුද්ගලයන් හදුන්වා දුන් අතරම කාලයත් සමඟ දැන් ලොව පුරා මේ දිනය සමරනු ලබන අතරම සමහර රටවල එය නිවාඩු දිනයක් ද වෙනවා.

බොහෝ රටවල එදිනට බොරු රගපෑම් කර මිනිසුන් මුලා කිරීම කරන අතර එවැන්නන් “ඵොඉස්සොන් ඩ්’අව්‍රිල්” නැතිනම් “ ඇප්‍රිල් ෆිශ් “ ලෙසද හදුන්වනු ලබනවා.

බොරු ආරාධනා පත්‍රය යැවීමද සිදු කරනු ලැබීමද වැඩි වශයෙන් සිදුකරන විහිලුවක්.

තවද කඩදාසි වලින් සෑදු මාලුවන් හැඩ හොරෙන් පුද්ගලයන්ගේ පිටේ ඇලවීමද තවත් එක විහිලුවක් ලෙස ප්‍රසිද්ධව තියෙනවා.

ගොඩක් අය මේ දවසෙ කාව හරි මෝඩයට අඳවලා සතුටු වෙන්න උත්සහ කරනවා.


News Articles
Latest Videos
Most Popular Post