News Line| Off Air| Games
Generic placeholder image

Apr
1

මෝඩයින්ගෙ දවසෙ කරපු ලෝකප්‍රසිද්ධ මෝඩම වැඩ 7 මෙන්න

769 Views


මෝඩයින්ගෙ දවසෙ කරපු ලෝකප්‍රසිද්ධ මෝඩම වැඩ 7 මෙන්න

අප්‍රේල් පළවෙනිදට මෝඩයට අන්දන්න කියලා මිනිස්සු හරි හරි වැඩ කරනවා. ඒ වගේ මෝඩයට අන්දපු මෝඩ වැඩ 7 ක් තමයි මේ.

1. ගුරුත්වාකර්ෂණය ගිලිහුණු අප්‍රේල් පළවැනිදාව

ලෝක ප්‍රකට ඹ්ඹ්C ආයතනය කියන්නේ අප්‍රේල් මෝඩයාගෙ දවසට මතක හිටින බේගල් කීපයක්ම පතුරුවාපු ආයතනයක්. මේ අය 1976 අවුරුද්දෙදි කරන බොරුවක් නිසා බ්‍රිතාන්‍ය ජාතිකයො සෑහෙන ප්‍රමාණයක් මෝඩයට ඇන්දෙනවා. ඒ අවුරුද්දෙ අප්‍රේල් 1වැනිදා තමන්ගෙ රේඩියෝ වැඩසටහනකින් ජනතාව අමතන ඔවුන් කියන්නෙ අප්‍රේල් 1වැනිදා හරියටම උදේ 9.47ට සිදුවන සුවිශේෂී ග්‍රහ පිහිටීමක් නිසා පෘථිවියේ ගුරුත්වාකර්ෂණය පහත වැටෙනවා කියලයි. ඒ වෙලාවට උඩ පැන්නොත් ආයෙත් බිමට වැටෙන්න වෙනදට වඩා වෙලාවක් ගතවෙනව කියලත් ඒ අය කියනව. මේ බොරුව විශ්වාස කරපු එංගලන්ත ජාතිකයො බොහොමයක් දෙනා එදා ඒ වෙලාවෙදි උඩ පැන පැන ඉඳල තියනව. රසවත්ම කතන්දරේ ඒක නෙමෙයි, මෙහෙම උඩ පැනපු ගොඩක් අය තමන්ව ගොඩක් වෙලා උඩ රැඳුනය, පාවි පාවී හිටියය වගේ දේවල් කියල ඹ්ඹ්C ආයතනයට දුරකථනයෙන් දන්වලත් තියන එකයි.

2. ගස්වලින් ස්පැගටි කැඩූ ස්විස් ගොවියෝ

මේ අප්‍රේල් විහිලුව 1950 ගණන් වල සිද්ධ වෙච්ච එකක්. අපි කලින් සඳහන් කරපු ගුරුත්වාකර්ෂණ බොරුව පතුරුවපු ඹ්ඹ්C ආයතනයම තමයි මේ බොරුවත් ගොතන්නෙ. මේ අය අප්‍රේල් 1වැනිදාවක එක සුවිශේෂී වාර්තා වැඩසටහනක් විකාශය කරනවා. ඒ වැඩසටහනේදි පෙන්වන්නේ ගස්වලින් නූඩ්ල්ස්, ස්පැගටි කඩලා ගෙනිහින් අවුවේ වේලන ස්විස් ජාතික ගොවි පිරිසක්ව. මේ රූප රාමු පෙන්වන ගමන්ම මේ වතාවේ ඒ අයගේ ස්පැගටි ඵලදාව හරි ඉහළයි කියලත් ඹ්ඹ්Cය ප්‍රකාශ කරනවා. මේ වැඩසටහන් නිසා රැවටුණු ප්‍රේක්ෂකයන් බහුතරයක් මේ සිදුවීමේ ඇත්ත නැත්ත ගැන විමසන්න ඹ්ඹ්C ආයතනය අමතල තියනවා.

3. බ්‍රිතාන්‍යයට ඒලියන්ස්ලා ගොඩ බහියි

ලෝක ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙන රිචර්ඩ් බ්‍රැන්සන් කියන්නේ මිනිස්සුන්ව අන්දන විදිහේ වැඩ කෑලි වලට ගජ හපනෙක්. බ්‍රැන්සන් අප්‍රේල් මොඩයගෙ දවසත් ඉහළින්ම සමරන පොරක්. එක පාරක් අප්‍රේල් මෝඩයගෙ දවසකදි යාලුවෙක්ගේ ගෙයක් බිඳලා යාලුවව මෝඩයට අන්දන්න යන බ්‍රැන්සන්ට පොලිස් කූඩුවෙ ලගින්නත් සිද්ද වෙලා තියනව. කොහොම නමුත් 1989 අවුරුද්දෙ මෝඩයගෙ දවසෙදි තවත් අමුතු අප්‍රේල් විහිළුවක් එක්ක බ්‍රැන්සන් කරළියට එනව. ඔහු කරන්නේ පිටසක්වල යානාවක් වගේ හදපු එයාර් බැලූන් එකක් ලන්ඩන් නගරයට ඉහළින් පියාසර කරවන එක. මේක බිමට බාපු ගමන් ඒක ඇතුළේ ඉඳන් එළියට බහින්න ඒලියන් කෙනෙක් වගේ ඇඳගත්ත අඟුටුමිට්ටෙක්වත් බ්‍රැන්සන් යොදාගන්නව. අන්තිමේදි මේ ප්‍රෑන්ක් එකත් ඒ අහල පහළ ජනතාව විතරක් නෙමෙයි, පොලිසියත් කළබල කරන්න සමත් වෙනව.

4. හඳ හැදිල තියෙන්නෙ චීස් වලින් – නාසා ආයතනය

 

අපෙත් කතාවට කියනවනෙ හඳ රන් තැටියක්ය, කිරියි පැණියි තියනවය වගේ කතන්දර. ඒ වගේ බටහිර රටවල ප්‍රසිද්ධ තව කතන්දරයක් තමයි හඳ කියන්නෙ චීස් බෝලයක්ය කියන එක. මේ කතාව තවත් ලෙවල් එකකට ගෙනියන්න එක අප්‍රේල් පළවැනිදාවක නාසා ආයතනය සමත් වෙනවා. ඒ අය හඳේ පින්තූරයක් නිකුත් කරන ගමන් කියන්නේ හඳ නිර්මාණය වෙලා තියෙන්නෙ ග්‍රීන් චීස් වලින්ය කියල අලුතින්ම හොයාගත්තා කියලයි. කොහොම වුණත් මේ බයිලා කතාව වැඩි දෙනෙක්ව රවට්ටන්න නම් සමත් වෙලා නැහැ කියලයි කියන්නෙ.

5. පුපුරන්න ගිය ගිනිකන්ද

එජ්කුම්බෙ කියන්නෙ ඇලස්කාවේ අක්‍රියව පැවතුණු ගිනි කන්දක්. 1974 අවුරුද්දෙ අප්‍රේල් පළවැනිදා මේ කන්ද දිහාවට ඇස් යොමන ඒ අසල ජනතාවට භයංකර දසුනක් දකින්න ලැබෙනව. ඒ තමයි කන්ද මුදුනෙන් ඉහළට දුමක් ඇදී යාම. දුම දැකීමත් එක්ක අහල පහළ හැමෝම හොඳටම බයට පත් වෙනව. ගිනි කන්ද පුපුරලා ගිහින් මහා විනාශයක් වේවිය කියල බය වෙන මේ කට්ටිය කරන්නෙ මේ ගැන අදාළ බලධාරීන් දැනුවත් කරන එක. හෙලිකොප්ටරයක් මගින් ගිනි කන්ද මුදුන නිරීක්ෂණය කරන්න යන නිලධාරීන් පිරිස දකින්නෙ හිතන්නෙවත් නැති දර්ශනයක්. ගිනි කන්ද මුදුනේ හදපු ටයර් සෑයකින් තමයි මේ දුම ඉහළට නගින්නෙ. ඒ විතරක් නෙමෙයි, ලොකු අකුරින් ඇප්‍රිල් Fඌල් කියලත් මේ කන්ද මුදුනේ සටහන් කරල තියනව ඒ අය දකිනව. ඔලිවර් බිකාර් කියන අසල ප්‍රදේශවාසියෙක් විසින් මේ අසමජ්ජාති වැඩේ කළා කියලා පස්සෙ හෙළිදරවු වෙනව.

6. ටාකෝ ලිබර්ටි බෙල්

ලිබර්ටි බෙල් කියන්නේ ඇමරිකානු නිදහස සංකේතවත් කරන ස්මාරකයක්. 1996 අවුරුද්දේ අප්‍රේල් පළවැනිදා ඇමරිකාවෙ පත්තර කියවන උදවියට මේ ලිබර්ටි බෙල් සම්බන්ධව පළ කරපු එක්තරා අමුතු දැන්වීමක් දකින්න ලැබෙනව. පිටුවක් පිරෙන විදිහට පළකරපු මේ දැන්වීමෙන් කියැවෙන්නෙ සුප්‍රසිද්ධ ටාකෝ බෙල් සමාගම විසින් විශාල මුදලකට මේ ලිබර්ටි බෙල් එක මිලදීගෙන ඇති බවක් තමයි. ඒ මුදල ඇමරිකානු ණය ගෙවා දැමීමට උදවුවක් වෙනවා කියලත් තවදුරටත් කරුණු සඳහන් වෙනව ඒ දැන්වීමෙ. මේ මිලදී ගැනීමත් එක්කම ලිබර්ටි බෙල් එක ටාකෝ ලිබර්ටි බෙල් නමින් එතැන් පටන් හැඳින්වෙන්න පටන් ගන්නවා කියලත් කියනවා. කොහොම වෙතත් අප්‍රේල් බොරුවක් හැටියට පළ කරපු මේ දැන්වීම හරහා ඉතාම ඉහළ ප්‍රචාරණ සාර්ථකත්වයක් ලබන්න ටාකෝ බෙල් ආයතනයට හැකියාවක් ලැබෙනවා.

7. වමත්කාරයන්ට බර්ගර්

ටාකෝ බෙල් ලා පත්තර වල දැන්වීම් දාල ජනතාව හොල්මන් කරද්දි බර්ගර් කිංග්ලත් නිකන් ඉන්නෙ නෑ. 1998දී මේ අය අප්‍රේල් පළවෙනිදා සමරන්න සුපිරි බර්ගර් එකක් හඳුන්වා දෙනව. ළෙෆ්ට් Hඅන්ඩෙඩ් Wහොප්පෙර් කියල තමයි මේ බර්ගර් එක හඳුන්වන්නෙ. මේකෙ විශේෂත්වය හැටියට මේ අය සඳහන් කරන්නෙ මේ බර්ගර් එක ඇතුළෙ තියන අඩුම කුඩුම වමත්කාරයන්ට ගැලපෙන විදිහට අංශක 180ක් කරකවලා එනවය කියලයි. මේ ප්‍රවෘත්තිය අහන බර්ගර් කිංග් ලෝලියො එදා දවසෙ බර්ගර් කිංග් ගිහින් තමන්ට හුරු අත අනුව “මට වමත් බර්ගර් එකක්”, “මට දකුණත් බර්ගර් එකක්” කිය කිය ඉල්ලලා තියනවලු. වැඩේ කියන්නෙ බර්ගර් එකක් කොහොමත් අත් දෙකින්ම අල්ලලා කන කෑමක් නිසා මේකට වමත් දකුණත් හරි අංශක 180ක් කරකවන එකෙන් හරි කිසි වෙනසක් වෙන්නෙ නැති එකයි. ඒ වුණාට ඉතින් ගොඩක් දෙනෙක් මේ අප්‍රේල් ජෝක් එකට අහුවෙලා තියනව.


News Articles
Latest Videos
Most Popular Post