News Line| Off Air| Games
Generic placeholder image

Oct
14

රග්බි ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය ලබන 19 සිට

376 Views


රග්බි ලෝක කුසලානයේ  අර්ධ අවසන් පූර්ව වටය ලබන 19 සිට

පළමු තරගය එංගලන්තට හා ඔස්ටේ‍්‍රලියාව අතර පැවැත්විමට නියමිතයි. දෙවන තරගය නවසීලන්තය හා අයර්ලන්තය අතර පැවැත්වෙනු ඇතී
වේල්සය හා ප‍්‍රංශය අතරත් ජපානය හා දකුණු අප‍්‍රිකාවත් අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග ලබන 20 වනදා පැවැත්වෙනවා.
ඊයේ පැවති මුලික වටයේ අවසන් තරගයේදී ස්කොට්ලන්තය පරාජය කළ සත්කාරක ජපානය රග්බි ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ ඉතිහාසයේ පළමු වරටයි.
ජපානයේ යොකොහාමා හි පැවති තරගයේදී ස්කොට්ලන්තය පරාජය කරමින් ජපානයලකුණු 28ට 21ක් ලෙස ජය වාර්තා කලා. එම ජයත් සමග ජපානය වාර්තා අතරට එක්වුනේ රග්බි ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් පළමු ආසියානු කණ්ඩායම ලෙසයි.
මේ අතර ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුවත් සමග මේ වන විට සිදු වන නගර පිරිසිදු කිරීමේ වැඩසටහන් සදහා කැනඩා රග්බි කන්ඩායම එක් වුණා.
ක‍්‍රීඩකයින් 15 දෙනෙකු කමාෂියි නගරයේ පිරිසිදු කිරිම් සදහා එක් වු බවයි ජපාන මාධ්‍ය වාර්තා කලේ. සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඊයේ පැවැවීමට නියමිතව තිබු කැනඩාව හා නැම්බියාව අතර තරගය අවලංගු කලා.


News Articles
Latest Videos
Most Popular Post