News Line| Off Air| Games
Generic placeholder image

Oct
11

රග්බි ලෝක කුසලාන වෙනුවෙන් ඔස්ටේ‍්‍රලියාව හා ජෝර්ජියාව අද තරග බිමට

412 Views


රග්බි ලෝක කුසලාන වෙනුවෙන් ඔස්ටේ‍්‍රලියාව හා ජෝර්ජියාව අද තරග බිමට

ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඔස්ටේ‍්‍රලියාව හා ජෝර්ජියාව අතර තරගය අද පැවැත්වෙනවා. හෙට පැවැත්වීමට නියමිතව තිබු තරග දෙකක් අවලංගු කර ඇත්තේ හගීබිස් සුළි කුණාටුව හේතුවෙන්.
නවසීලන්තය හා ඉතාලියත් එංගලන්තය හා ප‍්‍රංශය අතර තරගයත් මෙලෙස අවලංගු කල බවයි ජපාන රග්බි බලධාරීන් සදහන් කලේ.
වසර 32ක රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ තරගයක් අවලංගු වූ ප‍්‍රථම අවස්ථාව ලෙස මෙයයි. මීට පෙර ඉතාලිය විසින් නවසීලන්තය පරාජය කර නොමැති අතර මෙම තරග අවලංගු කිරීම නිසා කණ්ඩායම් දෙකටම ලකුණු දෙක බැගින් ලබා දීමට තීරණය කර තිබෙනවා.
එම තරග සැලකෙන්නේ ජය පරාජයෙන් තොර තරග ලෙසයි. එංගලන්තය හා ප‍්‍රංශ කණ්ඩායම් දෙකටද ලකුනු 02 බැගින් ලබා දී තිබෙනවා. මේ සමග නවසීලන්තය හා එංගලන්තය බී හා සී කාණ්ඩ වල පෙරමුණ ගෙන සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post