News Line| Off Air| Games
Generic placeholder image

Sep
27

රජ පවුලේ අලුත් සාමාජිකයා සමග හැරී සහ මේගන් සංචාරයක

498 Views


රජ පවුලේ අලුත් සාමාජිකයා සමග හැරී සහ මේගන් සංචාරයක

Harry සහ Meghan Markle කියන්නේ ලෝකම ආදරය කරන යුවළක්. ඔවුන් කියන කරන දේ ගැන මුළු ලෝකයම ඉන්නේ අවධානයෙන්. මේ යුවළ දින දෙකකට කලින් වයස මාස හතරක පුංචි පුතා ආචී සමග දකුණු අප්‍රිකාවේ තෙදින සංචාරයකට එක්වී තිබෙනවා. ආචීගේ ලස්සන ලෝකයම මුල්වරට දකින්නෙත් මේ සංචාරය අතරතුරයි.

ආචිගේ ලස්සන පැපරාසි කැමරාවලට හසු වෙනවා. ඊයේ දින මේගන් කුමරිය එච්.අයි.වී සංවිධාන හමුවෙන්න ගිය අවස්ථාවේ පුංචි ළමුන් එක්ක සෙල්ලම් කිරීමත් ආචි වෙනුවෙන් ඇදුම් පිරිනැමීමත් සිදු කර තිබෙනවා. එම අවස්ථාවට සම්බන්ධ පුණ්‍යායතන මව්වරුන්ගේ විවිධ සිදුවීම් මේගන් කම්පනයට පත් කර ඇති බවත් මේගන් ආකර්ෂණීය කාන්තා ව්‍යවසායකයින් 12 දෙනෙකු හමුවී ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳ සාකච්ඡා කර ඇති බවත් විදෙස් මාධ්‍ය සදහන් කළා.

එමෙන්ම මේ තිදෙනා දකුණු අප්‍රිකාවේ 87 හැවිරිදි නොබෙල් ත්‍යාග හිමි ඩෙස්මන් ටුටු අගරදගුරු හිමිපාණන්ව මුණගැසීමට ගොස් තිබෙනවා. ඒ අවස්ථාවේ අගරදගුරු හිමිපාණන් විසින් ඔවුන්ට ඉතා ඉහලින් සංග්‍රහ කර ඇති අතර පැය කිහිපයක් අගරදරු හිමිපාණන් සමග කතාබහ කර තිබෙන බවත් එහිදී අසරණ ජනතාව වෙනුවෙන් ආධාර ලබාදීමට ඕනෑම අවස්ථාවක සුදානම් බවත් හැරී කුමරු පවසා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ඡායාරූප පහතින්


News Articles
Latest Videos
Most Popular Post