News Line| Off Air| Games
Generic placeholder image

Sep
10

රනිල් – සජිත් අතර විශේෂ හමුව අද

1027 Views


රනිල් – සජිත් අතර විශේෂ හමුව අද

එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්ඡුාක් අද පැවැත්වෙනවා.
ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ අග‍්‍රාමාත්‍යවරයා අතර පසුගිය සිකුරාදා පැවති සාකච්ඡුාවේදී ගත් තීරණයක් අනුවයි. සාකච්ඡව පසුගිය 08 වනදා රාත‍්‍රියේ පැවැත්වීමට නියමිතව තිබුණද පසුව එය අවලංගු වුණා.

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.මේ අතර විනය කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙත ලිඛිත කරුණු දැක්වීමක් සිදුකළා.

එම කරුණු දැක්වීම සිදුකර ඇත්තේ අමාත්‍යවරයාට එල්ලවී ඇති පක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පක්ෂ මහ ලේකම් යොමු කළ ලිපියකට පිළිතුරු ලබා දෙමින්. පක්ෂ මූලස්ථානය වෙත එම ලිපිය භාරදුන් බවයි අමාත්‍යවරයා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ.
පක්ෂය – පක්ෂ නායකත්වය – කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පක්ෂයේ ක‍්‍රියාකාරීත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළේ පසුගිය මස 27 වනදායි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නව සන්ධානය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ සම සභාපති නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා.


News Articles
Latest Videos
Most Popular Post