News Line| Off Air| Games
Generic placeholder image

Mar
12

රවීගෙන් ඉල්ලීමක්

480 Views


රවීගෙන් ඉල්ලීමක්

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ ජල මට්ටම දිනෙන් දිනෙම අඩු වේගෙන යනවා. ඒ නිසා අපි තාපබලාගාර යොදා ගනිමින් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න කියලා මම අපේ ලක්ෂ 65 ක් පමණ වූ විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පවතින වියලි කාලගුණික  තත්ත්වය හමුවේ විදුලිබල ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටලු පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම කරන ලදී.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“විදුලි පාරිභෝගික ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ  එක් දිනකට විදුලි බල්බ දෙකක් නිවා දමලා, විදුලිය ඉතිරි කරන්න කියලා. මේ තුළින් දිනකට මෙගාවොට් 100ක් පමණ ප්‍රමාණයක් ඉතිරි කරගන්න හැකියාව ලැබෙනවා. අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න ඕන යුගයක් ඇවිත් තිබෙන්නේ.

අපි කිසිසේත්ම විදුලි කප්පාදුවකට යන්න දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අවශ්‍ය සහයෝගය අපට ලබාදෙන්න

වසර 10ක පමණ තිස්සේ, මේ රටේ විදුලි අවශ්‍යතාවන්ට සරිලන පරිදි විදුලි ජනන පද්ධතියක් ඉදි කරලා නැහැ. අපිට කරන්න පුළුවන් පොඩිම දේ තමයි, තමන්ගේ නිවසේ විදුලි බල්බ දෙකක් නිවා දමා විදුලිය ඉතිරි කිරීම. ඒ තුළින් ජනතාවගේ  ප්‍රශ්නයත්, රටේ ප්‍රශ්නයත් විසදෙනවා” යැයි ඔහු පැවසිය.


News Articles
Latest Videos
Most Popular Post