News Line| Off Air| Games
Generic placeholder image

Feb
28

රාජ්‍ය අංශයේ ප්‍රථම දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය කුරුණෑගල

600 Views


රාජ්‍ය අංශයේ ප්‍රථම දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය කුරුණෑගල

පෞද්ගලික අංශයෙන් පරිභාහිරව දිවයිනේ ප්‍රථම වතාවට රාජ්‍ය අංශය විසින් ඉදිකරණ ලද ප්‍රථම වාහන දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් වයඹ පළාතේ කුරුණෑගල උතුර ඩිෆෝවේ ස්ථාපිත කරන ලදී.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මෙම දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කළ අතර එය ඉදිරියේදී දිවයින පුරා ව්‍යාප්ත කරන බවද ඔහු පැවැසීය.

මෙම මධ්‍යස්ථානය මගින් වයඹ පළාත් ලංගම බස් රථ 600ක පමණ වාහන දුම් පරීක්ෂාව සිදුකිරීමට නියමිතය. එසේම මේ හරහා රජයෙන් පෞද්ගලික අංශයට ඇඳී ගිය විශාල මුදලක් ඉතිරි කර ගැනීමටද අවස්ථාව ලැබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post