News Line| Off Air| Games
Generic placeholder image

Oct
24

රාජ්‍ය බුද්ධි අංශයේ අඩුපාඩු ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් බලපාලා – කාරක සභා අවසන් වාර්තාවෙන් හෙළිවේ

460 Views


රාජ්‍ය බුද්ධි අංශයේ අඩුපාඩු ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් බලපාලා  – කාරක සභා අවසන් වාර්තාවෙන් හෙළිවේ

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන හේතුව ලෙස රාජ්‍ය බුද්ධි අංශයේ අඩුපාඩු බව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද විමර්ශනයට පත් කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව තුලින් හෙළිව තිබෙන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කර සිටිනවා.

විශේෂයෙන්ම ආණ්ඩු වෙනස් වුවද මේ පුද්ගලයින් පිලිබදව දැඩි අවදානයකින් පසු වුයේ නම් මෙවැනි අන්තවාදී ත්‍රස්ත ක්‍රියා සිදු කිරිමට ඔවුන්ට නොහැකි බව ඒ වාර්තාවෙන් වැඩි දුරටත් සදහන් කරනවා.

එමෙන්ම වහා අවධානය යොමුවිය යුතු නිර්දේශ 8ක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

1. ආරක්ෂක සහ බුද්ධි අංශයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ

2. ශක්තිමත් මූල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම

3. ආගමික අන්තාවාදයේ නැගීම පාලනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව

4. අධිකරණ ප්‍රමාද සම්බන්ධයෙන් කටයුතු කිරීම : නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම

5. වහාබ්වාදය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව

6. මාධ්‍ය වාර්තාකරණය, ව්‍යාජ පුවත් සහ අවධානය යොමුකළ යුතු අනෙකුත් ක්ෂේත්‍ර

7. දේශපාලකයන්/ජනතා නියෝජිතයන් වගවීමට සැලැස්වීම

8. නැගී එන අන්තවාදය මැඩලීම පිණිස අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ


News Articles
Latest Videos
Most Popular Post