News Line| Off Air| Games
Generic placeholder image

Aug
19

රූපලාවන්‍ය සඳහා නැතුවම බැරි පැපොල්

490 Views


රූපලාවන්‍ය සඳහා නැතුවම බැරි පැපොල්

සම, හිසකෙස් ‌ ඇතුළු සියළුම රූපලාවන්‍ය සත්කාර සඳහා නැතුවම බැරි ‌විශ්මිත පලතුරක් තමයි ගස්ලබු එහෙමත් නැත්නම් පැපොල් කියන්නේ. ශ්‍රී ලංකාවේ තෙත් හා වියළි කළාපයේ බහුලව වැඩෙන මෙය වර්තමානයේ ලංකාවේ සියළු ප්‍රදේශයන්හි දැකගන්නට පුළුවන්.

විටමින් A , C , E හා  K වලින් පොහොසත් ගස්ලබු ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්ද පරිපූර්ණයි. මීට අමතරව මැග්නීසියම්, පොටෑසියම්, නයිසින් හා කැරොටින් මෙන්ම තන්තු ඇතුළු සෞඛ්‍යය සම්පන්න ප්‍රතිලාභ රැසක් හිමිකර ගන්න පුළුවන්.

රූපලාවන්‍ය සඳහා ගස්ලබු භාවිතය

  • සම පැහැපත් කරයි

ගස්ලබු කියන්නේ රූපලාවන්‍ය කටයුතු වලට බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගන්නා පලතුරක්. මෙමගින් ඔබේ සම පැහැපත් කරන්නේ එහි ස්වාභාවික බ්ලිචින් අඩංගු වන නිසායි. ඒ වගේම අපද්‍රව්‍ය ඉවත්කර සම පිරිසිදු කිරීමේ හැකියාවද පවතිනවා. එහි අඩංගු විටමින් C මගින් අහිතකර හිරු කිරණ මගින් සිදුවන හානියට එරෙහිව ක්‍රියා කරමින් සමේ සෛල ආරක්ෂා කරනවා.

හොඳින් පොඩි කර ගත් ඉදුණු ගස්ලබු මුහුණ, බෙල්ල, අත් සහ පාදවල ආලේප කර ටික වෙලාවක් තියෙන්නට හැර සිසිල් වතුරෙන් සෝදා හරින්න මෙය සතියකට 3 හෝ 4 වතාවක් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.

  • සමේ වියළි බව දුරු කරයි

ගස්ලබු වල ජලය වැඩි වශයෙන් අඩංගු වන නිසා සමේ තෙතමනය හා සිනිඳු බව ආරක්ෂා කර සම වියළිමෙන් ආරක්ෂා කරනවා. ගස්ලබු ආහාරයට ගැනීමෙන් වගේම ආලේප කිරීමෙන් සමේ තෙතමනය ආරක්ෂා කරගන්න පුළුවන්.

හොඳින් ඉදුණු ගස්ලබු කෝප්ප භාගයකට පිරිසිදු මී පැණි තේ හැඳි 3 ක් එකතු කර හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න හොඳින් වියලෙන්නට හැර සෝදා ඉවත් කරන්න.

  • කුරුලෑ හා ලප කැලැල් අවම කරයි

ගස්ලබු වල අඩංගු පැපේන් එන්සයිමය මගින් සම පිරිසුදු කල හැකියි. එම නිසා සමේ ඇතිවන කුරුළෑ හා ලප කැලැල් මෙන්ම සමේ මැරුණු සෛල ඉවත් කිරිමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම සම පිරිසිදු කර පෝෂණය කරනවා. ගස්ලබු ආලේපනයෙන් මෙන්ම ආහාරයට එක් කර ගැනීම මගිනුත් සමේ ගැටළු වලට විසඳුම් ලබාගත හැකියි.

  • යටිපතුල් ඉරි තැලීමට

යටිපතුල් පැලීම, ඉරි තැලීම, පැල්ලම් ඇතිවීම, සමේ ඉදිමීම, කැසීම වැනි තත්ත්වයන් සුුව කරන්න ගස්ලබු වල ඇති මොයිස්චරයිසින් ගුණයට හැකියාව පවතිනවා.

ඉදුණු ගස්ලබු, මී පැණි, ඔලිව් තෙල් මිශ්‍ර කර පල්පයක් විදියට සකස් කර ගෙන උණු වතුරින් සෝදා පිරිසිදු කර ගත් යටි පතුල් වල අලේප කරන්න. විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න.

  • හිස්හොරි පාලනය කරයි

හිස්හොරි පාලනය කිරීමට ගස්ලබු කදිම ප්‍රතිකාරයක් වෙනවා. එහි අඩංගු වන එන්සයිම හිස් කබල මත ඇති අපද්‍රව්‍ය ඉවත් කරනවා. ඒ වගේම හිස් කබලේ වියලිම අවම කර තෙතමනය ආරක්ෂා කරනවා.

ගස්ලබු කෝප්ප භාගයකට යෝගට් තේ හැඳි 2ක් ඔලිව් තෙල් මේස හැඳි 2ක් එකතු කර හොඳින් මිශ්‍ර කල හිස් කබලේ ආලේප කරන්න.


News Articles
Latest Videos
Most Popular Post