News Line| Off Air| Games
Generic placeholder image

Feb
22

ලංකාවේ නම ලෝකෙම බබලවන සුසානා ද සිල්වා

544 Views


ලංකාවේ නම ලෝකෙම බබලවන සුසානා ද සිල්වා

පසුගියදා පැවති Samsung Galaxy s10 දුරකථනය එළිදැක්වීමේ introductory keynote එක සිදුකළේ මැයයි. ඇය එම Samsung Electronics, USA හි අලෙවිකරණ අංශයේ අධ්‍යක්ෂකවරියක් වෙනවා. Canadian Marketing Association හි අලෙවිකරණය පිළිබඳ හැදෑරු මැය පසුකාලීනව Ryerson විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණ කලමණාකරණ පද්ධති පිළිබඳ අධ්‍යයනකර එහි උපාධිය හදාරා අවසන් වනවා. පසුගිය වසරේ ඇය සිය MSc. උපාධිය Predictive Analysis විෂයෙන් හමාර කරනුයේ එරට Northwestern සරසවියෙන්.

ඇය මුලදී Bell Mobility ආයතනයේ ද සේවය කළා. ඒ 2005 සිට 2008 වසර දක්වායි. මුල් කාලයේ Voice Mail & SMS වලට අදාලව සමාගමේ නිෂ්පාදන කලමනාකාරවරියක් ලෙස කටයුතු කළ ඇය
පසුව Mobile Video අංශයේ එම තනතුරන හෙබවූවා. අනතුරුව
2008 දී mSports ආයතනයේ නිෂ්පාදන කලමනාකාරවරියක් ලෙස කටයුතු කිරීම ඇය ඇරඹුවා. ඒ 2010 වසර වන්තෙක්.අනතුරුව Samsung Electronics America ආයතනය හා 2010 දී එක්වූ ඇය 2012 වසර වනතෙක් එහි Content & Services වලට අදාලව ජ්‍යෙෂ්ඨ නිෂ්පාදන කලමනාකාරවරියක් ලෙස කටයුතු කරනවා. Flagship Smartphone User Expieriencing වලට අදාලව Product Development Manager ලෙස 2012 සිට 2014 දක්වා ඇය සේවය කරනවා. අනතුරුව
සමාගමේ Data Science & Analytics වලට අදාලව 2014 දී කණ්ඩායම් ව්‍යාපෘති මෙහෙයවන්නියක් ලෙස කටයුතු අරඹන ඇය එම වසරේදීම Mobile Product Strategy & Marketing අංශයේ අධ්‍යක්ෂකවරියක් ලෙස ක්‍රියාකිරීම අරඹනවා.

ශ්‍රී ලාංකික අපට ආඩම්බර වියහැකි කාන්තාවන් අතර මැයගේ නමත් ඉහළින්ම සනිටුහන් වනු නොඅනුමානයි.

අන්තර්ජාලය ඇසුරිනි


News Articles
Latest Videos
Most Popular Post