News Line| Off Air| Games
Generic placeholder image

Sep
25

ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි

456 Views


ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි

අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට ඇති දුම්රිය වර්ජනය හේතුවෙන් හෙට(26) සිට ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයන්ගේ නිවාඩු අවලංගු කළ බව ලංකා ගමනා ගමන මණ්ඩල සභතිවරයා ප්‍රකාශ කළා.

අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වෘත්තීය සමිති එකමුතුවද වැඩ වර්ජනයක නිරතවන බව නිවේදනය කළ අතර වැටුප් විෂමතා ගැටළුව මෙයට හෙතු වී තිබෙනවා.

අද මධ්‍යම රාත්‍රීයේ සිට තැපැල් දුම්රියන්ද අත්හිටුව බව එම සංගමයේ නියෝජිතවරයෙකු පැවසුවා.

මෙම වැඩ වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපිතිවරු, දුම්රිය නියාමකවරු, දුම්රිය රියදුරන් ඇතුළු නිළධාරින් මේ සඳහා සහය වනු ඇති.

රාජ්‍ය සේවයේ වැටුප් වර්ධනයක් සිදු කර ඇති නමුත් දුම්රිය සේවකයන්ගේ වැටුප් විෂමතාවයට කිසිදු විසදුමක් නොලැබුන බවත් එහි තිබු ගැටළුකාරී තත්ත්වය තවත් වර්ධනය වු බවත් ඒ මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post