News Line| Off Air| Games
Generic placeholder image

Mar
7

ලාල් කාන්ත මහතාට ඇප

486 Views


ලාල් කාන්ත මහතාට ඇප

බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිඛෙනවා.

ඒ ඔහු අද අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදීයි.

මෙහිදී තුවාල කරුට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමට නියෝග කල අතර කේ . ඩී ලාල්කාන්ත මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

පසුගිය දෙවනිදා දහවල් අනුරාධපුර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුනා.

මන්තී්‍රවරයා ගමන් ගත් කැබ් රථය යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිඛෙනවා.

අනතුරින් යතුරුපැදිය පැදවූ කාන්තාව සහ ඇයගේ ඥාති දියණිය තුවාල ලැබූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

අනතුර සිදුවු අවස්ථාවේ කේ.ඩී ලාල්කාන්ත මන්ත්‍රීවරයා බීමතින් සිට ඇති බව අනාවරණය වුණු අතර බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරිමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post