News Line| Off Air| Games
Generic placeholder image

Sep
14

ලැගුම්හලක පාසල් දැරියකගේ මළ සිරුරක්

546 Views


ලැගුම්හලක පාසල් දැරියකගේ මළ සිරුරක්

කෝපායි පොලිස් වසමේ තිරණවේලි ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක වසා ඇති කාමරයකින් දුඟඳක් හමන බවට එහි සේවකයෙකු විසින් කෝපායි පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුව එම කාමරයේ එක් ඇඳක දින කිහිපයකට පෙර මියගිය දැරියකගේ මෘත ශරීරයක් තිබී ඇති අතර අනෙක් ඇඳෙහි සිහිසුන්ව කාන්තාවක් සිට ඇති අතර ඇය ගිලන් රථයකින් යාපනය රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය දැරිය වයස අවුරුදු 12ක් වූ පල්ලිය පාර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී මියගිය දැරිය මෙම කාන්තාවගේ දියණියගේ පළමු විවාහයේ දැරිය බවට අනාවරණය වී තිබෙනවා.

මොවුන් දෙදෙනා ඉහත ලැගුම්හල වෙත පැමිණ ඇති අතර, කාන්තාව විසින් ඉන්සියුලින් එන්නතක්, නිදි පෙති 10 ක් ලබා දී මෙම දැරිය ඝාතනය කර ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වි තිබෙනවා.

අපරාධයට සම්බන්ධ වයස අවුරුදු 63 ක් වන කාන්තාව අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.


News Articles
Latest Videos
Most Popular Post