News Line| Off Air| Games
Generic placeholder image

Jun
28

ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා මියයයි

289 Views


ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා මියයයි

ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා වන ජෝන් ගුඩ්ඉනෆ් මියගොස් තිබෙනවා.

විප්ලවීය සොයාගැනීමක් ලෙස සැලකෙන ලිතියම් අයන් කෝෂයේ නිර්මාතෘවරයා වන්නේ ඔහුය.

මියයන විට 100 වැනි වියේ පසුවූ ජෝන් ගුඩ්ඉනෆ් සැලකෙන්නේ, ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා ලෙසය.

ලොවපුරා භාවිතයේ ඇති විදුලියෙන් ක්‍රියාත්මක වන රථවාහනවලට යොදන ලිතියම් අයන් කෝෂය නිර්මාණය කෙරුණේ ගුඩ්ඉනෆ් ගේ සංකල්පයක් අනුවය.

ඒ සම්බන්ධයෙන් 2019 වසරේදී ඔහු රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

ඒවන විට ඔහුගේ වයස අවුරුදු 97ක් වූ අතර, එහිදී නොබෙල් ත්‍යාගයක් දිනාගත් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ඔහු ඉතිහාසයට එක්වුණි.


News Articles
Latest Videos
Most Popular Post