News Line| Off Air| Games
Generic placeholder image

Mar
12

ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 125ක මුදලක් ලබාදීමට සූදානම් වෙයි

522 Views


ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 125ක මුදලක් ලබාදීමට සූදානම් වෙයි

කෘෂිකර්මාන්තයේ ඵලදාව සහ නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීම වර්ධනය කිරීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 125ක මුදලක් ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා.

දේශගුණික විපර්යාසවලින් වැඩිම බලපෑම් සිදුවන වියළි කලාපයේ පළාත් හයක කුඩා ගොවීන් 470,000ක් සඳහා එම මුදල් ලබා දීමට නියමිතයි.

මෙරට කෘෂිකාර්මාන්තයෙන් රටේ ආර්ථීකය ට 7.7% ක දායකත්වයක් ලබාදෙන අතර රටේ ජනගහනයෙන් 27% ක් කෘෂිකාර්මික රැකියාවල නිරත වී සිටිනවා.

එම පිරිසෙන් 38%ක් කාන්තාවන් බවත් දේශගු‚ක විපර්යාස සහ ස්වභාවික ව්‍යවසන නිසා වැඩි වශයෙන් පීඩාවට පත්වන්නේ ඔවුන් බවත් ලෝක බැංකු වාර්තාවක සඳහන්.

කෘෂිකාර්මික නිෂ්පාදනවල ඵලදායීතාව ඉහළ නංවමින් වෙළෙඳපොළවලට ප්‍රවේශ වීමට ඇති හැකියාව වර්ධනය කිරීම මේ ව්‍යාපෘතියේ අරමුණයි.


News Articles
Latest Videos
Most Popular Post