News Line| Off Air| Games
Generic placeholder image

Sep
27

ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංචාරකයින් සිගිරිය මුදුනට

1177 Views


ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංචාරකයින් සිගිරිය මුදුනට

අද දිනයට යෙදී තිබෙන ලෝක සංචාරක දිනය වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විදෙස් සංචාරකයින් සදහා අද අළුයම 5.00 සිට සිගිරි ගල මුදුනට පිවිසීම සදහා අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව අද උදෑසන සිටම සිගිරි ගල මුදුනට නැග ඉර පායන ආකාරය නැරඹීම සදහා විදෙස් සංචාරකයින් සහ ඒ අවට ප්‍රදේශවාසීන් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

මෙම අවස්ථාව පිළිබද අදහස් දැක් වූ මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා මෙහිදී කියා සිටියේ සංචාරක දිනය සැමරීම වෙනුවෙන් සෑම වසරක් පාසාම අලුයම පහට සීගිරිය සංචාරකයන්ට විවෘත කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post