News Line| Off Air| Games
Generic placeholder image

Oct
13

වත්කම් බැරකම් ප‍්‍රසිද්ධියට පත් කරන්නැයි මැතිවරණ නිරීක්ෂකයින්ගෙන් අපේකෂකයින්ට දැනුම් දීමක්

341 Views


වත්කම් බැරකම් ප‍්‍රසිද්ධියට පත් කරන්නැයි මැතිවරණ නිරීක්ෂකයින්ගෙන් අපේකෂකයින්ට දැනුම් දීමක්

සිය වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ප‍්‍රසිද්ධියට පත් කරන ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලූ අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරන බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාය ඉල්ලීමක් කරනවා.
එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ අපේක්ෂකයින්ගේ වෙබ් අඩවි වල ඒවා පළ කළ හැකි බවයි.
ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාරදීමේදී අපේක්ෂකයින් සිය වත්කම් බැරකම් ප‍්‍රකාශයද ඉදිරිපත් කළ යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබුණා.
කෙසේවෙතත් විනිදභාවය පිලිබද දේශපාලන වේදිකා තුළ අදහස් ඉදිරිපත් කරනවා සේම තම වත්කම් බැරකම් ප‍්‍රකාශ ප‍්‍රසිද්ධ කිරීමෙන් තම විනිවිදභාවය ප‍්‍රායෝගිකව ප‍්‍රදර්ශනය කළ හැකි බවයි මංජුල ගජනායක මහතා සදහන් කළේ.
ජනාධිපතිවරණය සදහා මෙවර තරග කරන අපේක්ෂකයින් ගණන 35 දෙනෙක්.
අපේක්ෂකයින් ගණන ඉහළ යාම හේතුවෙන් මෙවර ඡුන්ද පත‍්‍රිකාව අඟල් 26 කින් යුන්ත වනවා.
අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළයාම හේතවෙන් මැතිවරණය සදහා වැයවන මුදලද ඉහළ යනු ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.
මෙවර ජනාධිපතිවරණයේදී ඡුන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡුන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි 59 ලක්ෂ 92 දහස් 92 ක්
නිළ ඡුන්ද ප‍්‍රති‍්‍රකා මුද්‍රණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡුන්ද විමසීම ලබන 30 සහ 31 යන දින වලදී සිදු කෙරෙනු ඇති.
ජනාධිපතිවරණය නොමැබර් මස 16 වනදා පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post