News Line| Off Air| Games
Generic placeholder image

Feb
21

වධක තනතුරට සුදුස්සෙකු නොලැබුනොත් කරන්න යන දේ ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි..!

947 Views


වධක තනතුරට සුදුස්සෙකු නොලැබුනොත් කරන්න යන දේ ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි..!

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වධක තනතුරට  සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු තෝරා ගැනීම සඳහා අයදුම් කරන ලෙස පසුගියදා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහනන් කළා.

ඒ අනුව අදාළ තනතුරට අයදුම් කිරීම සඳහා ලබා දී තිබූ කාලය මේ මස 25 වනදා අවසන් වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ලැබෙන අයදුම්පත් අතරින් සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු එම තනතුර සඳහා තෝරා ගැනීමට නියමිත අතර එලෙස තෝරා ගනු ලබන පුද්ගලයින් දෙදෙනා මැලේසියාවේ පුහුණුවකට යොමු කෙරෙන බවද සඳහන්.

කෙසේ නමුත් යම් හෙයකින් සුදුසුකම් ඇති පුද්ගලයෙකු එම තනතුර සඳහා අයදුම් කර නොතිබුණ හොත්, එල්ලා මැරීමේ මරණ දඬුවම කි‍්‍රයාත්මක රටකින් ගෙවීමේ පදනම මත පුද්ගලයින් දෙදෙනෙකු එම තනතුර සඳහා එක් කර ගන්නා බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව  සඳහන් කළේ.

මේ අතර වධක තනතුර සඳහා බඳවා ගන්නා ලෙස අමෙරිකානු ජාතිකයෙකු  ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විද්‍යුත් පණිවුඩයක් මඟින් ඉල්ලීමක් කර තිබුනා.

කෙසේවෙතත් අමෙරිකාව තුළ එල්ලා මැරීමේ මරණ දඬුවම කි‍්‍රයාත්මක නොවන නිසා එම ඉල්ලීම සලකා බැලිය නොහැකි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post