News Line| Off Air| Games
Generic placeholder image

Oct
13

වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

680 Views


වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

ඒ වෙනුවෙන් දාන ශීල භාවනාදී වැඩසටහන් ගණනාවක් අද දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වල පැවැත්වෙනවා.
බුද්ධ චරිතයේ සහ බෞද්ධ ශාසන ඉතිහාසයේ සදහන් සිදුවීම් රැුසක් හේතුවෙන් වප් පොහොය ලෝකවාසී බෞද්ධ ආගමිකයින්ට වැදගත්
වප් මාසය සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙස ද හඳුන්වනු ලබනවා.
සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර යමා මහා පෙළහර පාමින් වැඩ සිටියේ අද වැනි පොහෝ දිනකයි.
සැරියුත් හිමියන් ප‍්‍රඥාලාභී භික්ෂූන් අතර අග‍්‍රස්ථානය ලැබීම, කල්ප ලක්ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත‍්‍රී බෝසතාණන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම වප් පෝ දිනයේ වැදගත් සිදුවීම් අතරට ඇතුළත්.
මහාරිට්්ඨ මහ රහතන් වහන්සේ විසින් විනය පිටකය සංඝායනා කිරීම ද අද වන් වප් පුර පසළොස්වක පෝය දිනයකදී සිදුව තිබෙනවා.
වප් පොහොය වෙනුවෙන් සියත ටීවී ගෙන එන අමාවැස්ස පෝදා වැඩසටහන අද පැවැත්වෙන්නේ අගලවත්ත බෙල්ලන ශී‍්‍ර ධර්මපාල මහපිරිවෙන් විහාරස්ථානයේදී.
එහි සිටින අප වාර්තාකරු පැවසුවේ මේ වන විට සියත ටීවී අමාවැස්ස වැඩසටහන සදහා විශාල සැදැහැවතුන් පිරිසක් විහාරස්ථානය වෙත පැමිණෙමින් සිටින බවයි.
අමාවැස්ස විශේෂ පෝදා විකාශය අද දවස පුරා සියත ටී වී තුලින් සජීවීව විකාශය වනවා.


News Articles
Latest Videos
Most Popular Post