News Line| Off Air| Games
Generic placeholder image

Apr
29

වැඩ බලන පොලිස්පති ඇතුළු තවත් පත්විම් කිහිපයක්

728 Views


වැඩ බලන පොලිස්පති ඇතුළු තවත් පත්විම් කිහිපයක්

නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

එමෙන්ම සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා වැඩබලන නිතිපතිවරයා ලෙස පත් කර තිබෙනවා.අතිරේක විගණකාධිපති චූලන්ත වික‍්‍රමරත්න නව විගණකාධිපතිවරයා ලෙස පත්කරනු ලැබුවා.එකී පත්වීම්වලට අමතරව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න ද, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ද පත් කර තිබෙනවා.

අදාළ සියලු පත්වීම්ලාභීන් අද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් ඊට අදාල පත්වීම් ලිපි ලබා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post