News Line| Off Air| Games
Generic placeholder image

Apr
3

විදුලිබල අර්බුධය විසදීමට නව වැඩපිළිවෙලක් ගැන අවධානය

423 Views


විදුලිබල අර්බුධය විසදීමට නව වැඩපිළිවෙලක් ගැන අවධානය

විදුලිබල අර්බුධය විසදීමට මිල අවම නව තාක්ෂණික ක්‍රමෝපායක් සම්භන්ධයෙන් විදුලි බල අමාත්‍යාංශයේ අවදානය යොමු වී තිබෙනවා.

නව ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම විෂය බාර අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට යොමුව ඇති බවයි අමාත්‍යාංශය සදහන් කලේ.

තවත් වසර එකහමාරක් වැනි කාලයක් තුළ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම විදුලි උත්පාදන ක්‍රමය යොදාගනිමින් විදුලි උත්පාදය කිරීමට හැකි ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම හදුන්වාදුන් මල්ලව රූපසිංහ මහතා කියා සිටියා.

මේ අතර මෙගා වෝට් 3 ක විදුලිය බල ධාරිතාවයක් ජාතික පද්ධතියට එකතු කළ හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ සුළං පෙති ගලවා දමා මාස 5 ක් පමණ ගත වී ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

එම සුළං පෙති වෙනත් ස්ථානයක සවිකිරීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සදහන් කලේ.

මේ සම්බන්ධයෙන් ලංකා සුනිත්‍ය බල අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු සුරීයකුමාර හෙට්ටිඅරච්චි මහතා සදහන් කලේ එම සුළං විදුලි බලාගාරය පැවති ඉඩම සඳහා චීන සමාගමට වැඩි බදු මුදල් ගෙවීමට සිදුවීම මත එය ඉවත් කල බවයි.

කෙසේ වෙතත් සුළං විදුලි බලාගාරය වෙනත් ස්ථානයක සවිකිරීමේ මූලික කටයුතු සිදු කරන බව ද ඔහු සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post