News Line| Off Air| Games
Generic placeholder image

Mar
7

විදුලි පරිභෝජනය කරන්නන්ට විශේෂ දැනුම්දීමක්

970 Views


විදුලි පරිභෝජනය කරන්නන්ට විශේෂ දැනුම්දීමක්

දෛනික විදුලි පරිභෝජනයේදී අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා. එම අමාත්‍යාංශය සදහන් කලේ පවතින වියළි කාළගුණයත් සමග ජලාශ වල ජල මට්ටම අඩු වී ඇති බවයි.

කාසල්රී, මාවුස්සාකැලේ, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙ‚ගල සහ සමනලවැව ජලාශවල ජල මට්ටම සියයට 41.8 ක් දක්වා පහත ගොස් තිඛෙනවා
එම ජලාශවලින් ලබා ගන්නා ජලය උපයෝගි කර ගනිමින් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලිය උත්පාදනය කරනු ලබනවා.

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල දැනට පවතින ජල ධාරිතාවෙන් සියයට 25 ක් දක්වා විදුලි උත්පාදනයට ජලය ලබාගත හැකි බවයි විදුලි බල මණ්ඩලය සදහන් කලේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පහල බැසිමත් සමග එම ජලාශ ඉදිකිරිමේදි යට වු නටබුන් කිහිපයක් මේ වන විට මතු වී තිඛෙනවා
මේ අතර උතුර උතුරුමැද සහ නැගෙනහිර පලාතේ මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථාන වල හෙට උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. මෙම කාලගුණ තත්වය හේතුවෙන් විජලනය මස්පිඩු පෙරලීම සහ අඝාත තත්වයන් ඇතිවිය හැකිියි.

එම තත්වය වළක්වා ගැනීම සදහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථාන වල රැඳී සිටින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙනවා. මීට අමතරව නිවෙස් තුල සිටින රෝගී හා වයස්ගත පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.කුඩා දරුවන් වාහන තුල තනිව රඳවා තැබීම අවදානම් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post