News Line| Off Air| Games
Generic placeholder image

Oct
1

විදෙස් මත්පැන් නීති ලිහිල් කරයි

11826 Views


විදෙස් මත්පැන් නීති ලිහිල් කරයි

විදේශීය මත්පැන් සිල්ලරට විකිණීම, ප්‍රවාහනය කිරීම සහ ළඟ තබාගත හැකි උපරිම සීමාව ලීටර 7.5 සිට 80 දක්වා ඉහළ දමා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය 27 වනදා විෂයභාර අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කළ සුරාබදු නිවේදනය මගින් මුළු දිවයිනට බලපවත්වන පරිදි මෙම සංශෝධනය සිදුකර ඇති බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

ඒ අනුව සුරාබදු ආඥා පනත යටතේ විදෙස් මත්පැන් වශයෙන් හඳුන්වාදී ඇති ආනයනය කරන හෝ දේශීය වශයෙන් නිපදවන සියලුම මත්පැන් වර්ග මෙම සීමාවට අයත්වනවා.

නව විධිවිධාන අනුව යම් පුද්ගලයෙකුට සද්භාවයෙන් යුතුව සිය පෞද්ගලික පරිභෝජනය සහ භාවිතය සඳහා විදේශ මත්පැන් ප්‍රවාහනය කිරීම සහ ඒවා ළඟ තබාගැනීමේ සීමාව ලීටර් 80 ක් දක්වා ඉහළ නැංවෙනවා.


News Articles
Latest Videos
Most Popular Post