News Line| Off Air| Games
Generic placeholder image

Sep
5

විනය පරික්ෂණයට විජිතමුණිගෙන් පිළිතුරු

766 Views


විනය පරික්ෂණයට විජිතමුණිගෙන් පිළිතුරු

තමන් ඇතුලූ මන්ත‍්‍රීවරුන් 05 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසනවා. සියත ප‍්‍රවෘත්ති කළ විමසීකදී ඔහු කියා සිටියේ එය පක්ෂ අභ්‍යන්තරයේ විසදා ගත යුතු කාරණයක් බවයි.
එස් බී දිසානායක / ඩිලාන් පෙරේරා / ඒ එච් එම් ෆවුසි / විජිත් විජයමුණි සොයිසා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත‍්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.මෙම තීරණය ගෙන ඇත්තේ ඔවුන් වෙනත් පක්ෂ වලට සහාය දැක්වීම හේතුවෙන්ය.

විනය පරීක්ෂණ වලට අදාළ කරුණු විමසීමේ ලිපි මන්ත‍්‍රීවරුන්ට යොමු කළ බවයි නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ. එම මන්ත‍්‍රීවරුන් 05 දෙනා 2015 වසරේ අගෝස්තු මස 17 වනදා පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක සහ ඩිලාන් පෙරේරා මහත්වරුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබාගත්තේ පසුගිය 29 වනදායි.

එස් බී දිසානායක මහතා දැරූ පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරින් ඔහු ඉවත් කළ යුතු බව 30 වනදා පැවති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කලා.ඩිලාන් පෙරේරා මහතා පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක තනතුරින් ඉවත් කිරීමට ද නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එදින පියවර ගත්තා.
සංධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ එච් එම් ෆවුසි සහ විජිත් විජයමුණි සොයිසා මහත්වරුන් ආණ්ඩු පක්ෂයට සහය පළ කලේ පසුගිය වසරේ දෙසැම්බර් 18 වනදායි.පසුව විජිත් විජයමුණි ද සොයිසා මහතාට එක්සත් ජාතික පක්ෂයේ කටාන ආසන සංවිධායක ධුරය පිරිනැමීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලබා දුන්නා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කළේ නිදහස් පක්ෂයෙන් ඉවත් වු 15 දෙනාගේ කණ්ඩායමත් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post