News Line| Off Air| Games
Generic placeholder image

Apr
3

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 09 කට බලපෑම්

499 Views


වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 09 කට බලපෑම්

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 09 කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමණාකරන‍ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කලේ වියලි කාලගුණය හමුවේ ජල මූලාශ්‍ර සීග්‍රයෙන් සිදෙමින් පවතින බවයි.

ජල ඉල්ලුම 20%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සදහන් කලේ වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර වල ජල මට්ටම අඩුවෙමින් තිඛෙන බවයි.

මෙම තත්වය මත ඇතැම් ප්‍රදේශ වල ජල සැපයුම් සීමා කර තිබෙනවා. ඉහළ ප්‍රදේශවල ජනතාවට ජල සැපයුම් සිදුකිරීම දුෂ්කර වී ඇත්තේ පහත්බිම් ප්‍රදේශවල නළ ජලය භාවිත කරන්නන් අධික ලෙස ජලය භාවිත කිරීමයි.

අරපිරිමැස්මෙන් ජලය භාවිතා කරන ලෙස නල ජලය භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටින බව ද ජාතික ජල සම්පාදන මණ්ඩලය සදහන් කලා.

මේ අතර වියළි කාළගුණික තත්වයක් පැවතිය ද ජල කප්පාදුවක් සම්භන්ධත‍යන් තීරණය කර නොමැති බවයි නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post