News Line| Off Air| Games
Generic placeholder image

Apr
3

වෙරළ පිරිසිදු කිරීම වෙනුවෙන් කැප වූ අපේ කාලයේ වීරයෝ – Sri Lanka Clean Up

2006 Views


වෙරළ පිරිසිදු කිරීම වෙනුවෙන් කැප වූ අපේ කාලයේ  වීරයෝ – Sri Lanka Clean Up

පරිසර දූෂණය කියන්නෙ මිනිස්සු දැනුවත්වම වගේම නොදැනුවත්වම කරන දෙයක්. ඒ කොහොම වුණත් බිමට දාන එක එක ටොෆි කොල එකතු වෙලා හරි පරිසර දූෂණය වෙනවා කියන එක ගොඩක් අයට නොතේරෙන කරුණක්. ඒ නිසා එකයිනෙ කියලා කුණු බිම දාන්න ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා.

පරිසරයෙන් උපන්න මිනිසා පරිසරයෙන් මියයනකොට ඒ සුන්දර පරිසරයට ආදරේ කරන අය මේ ලෝකෙට බිහිවෙන්නෙ හරිම කළාතුරකින්. පරිසරයට ආදරේ කරන හිත් හරිම අඩුවෙන් තමයි අද වෙනකොට දකින්නට ලැබෙන්නෙ.

පරිසර දූෂණය ගැන කතා කරනකොට වෙරළ දූෂණයට හිමිවෙන්නෙ ප්‍රමුඛ ස්ථානයක්. වෙරළ කුණු වලින් අපවිත්‍ර වෙලා තියෙන හැටි බීච් එකකට ගිහින් බැලුවොත් ඔයාටම තේරෙයි.

මේ වෙරළ දූෂණය වෙනුවෙන් එක එකා වෙනුවෙන් කෑ ගගහා ඉන්නෙ නැතුව තමන්ම පෙරමුණ අරන් වෙරළ පිරිසිදු කරනයට යොමු වුණ හරි අපූරු තරුණයෙක් අපට මුණ ගැසුණා ඔහු නමින් ජනක ක්‍රිශාන්ත සිල්වා. ඔබ ඔහුව දන්නේ නැති වුණත් කලකදී ‘ ආදරයේ උණුසුම ලඟ, කෝටු කෑලි සොයාලා, රන්ග නදීකා” වැනි ගීත එකතු කරමින් ගීතයක් ගායනා කළ ජනා ලෙස ඔබ ඔහුව අසා ඇති.

කුඩා ව්‍යාපෘතියක් විදිහට පටන් ගත්ත මේ ප්‍රොජෙක්ට් එක අද වෙනකොට ටිකෙන් ටික වැඩි දියුණු වෙලා සමාජයට සේවයක්, පරිසරයට සේවයක් කරමින් ඉන්නවා. ප්‍රදේශයේ මැති ඇමතිවරු, ආගමික නායකයින්, ග්‍රාමසේවකයින් සහ ප්‍රදේශවාසීන් එකතුවෙන් තමයි මේ ව්‍යාපෘතිය කිසිදු ලාබයක් අරමුණු නොකර ඔහු ආරම්භ කරලා තියෙන්නෙ.

මෙවැනි තවත් පරිසරයට හිතකාමී ක්‍රියා කිරීමට සියත 24 අප ඔහු ඇතුළු ශ්‍රී ලංකා ක්ලීන් අප් කණ්ඩායමට අප සුභ පතනවා.


News Articles
Latest Videos
Most Popular Post