News Line| Off Air| Games
Generic placeholder image

Apr
3

වෛද්‍යවරුන් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

525 Views


වෛද්‍යවරුන් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

ඌව පළාතේ සියලු රෝහල් වල වෛද්‍යවරුන් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාවේ සාමාජික පාලිත රාජපක්ෂ මහතා සදහන් කලේ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පල කරමින් මෙය සිදු කරන බවයි.

ඌව පළාතේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පසුගිය පළමු ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනය පිළිබද විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.
දෙමෝදර දිසා රෝහල මධ්‍යයෙන් මාර්ගයක් ඉදි කිරීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ යෝජනාව පිළිබද සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුනේ ප්‍රධාන අමාත්‍යවරයා හා සෞඛ්‍ය බලධාරීන් අතරයි.

එම සාකච්ඡාවෙන් අනතුරුව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරියට බැන තර්ජනය කර තිබෙනවා. අනවසරයෙන් පදිංචි පවුල් 05 ක් සදහා මාර්ගයක් ඉදි කර දීමට පළාත් අමාත්‍යවරයා සූදානම් වන බවයි ඌව පළාතේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සදහන් කලේ
මාර්ගය ඉදිරි කල හොත් දෙමෝදර දිසා රෝහල අංශ දෙකකට වෙන් වන බව එම සංගම පෙන්වා දෙනවා.

ආරක්ෂාව සම්භන්ධයෙන් හටගත් ගැටලූවක් හේතුවෙන් දෙමෝදර වෛද්‍ය කාර්ය මණ්ඩලය සේවා කටයුතු වලින් ඉවත් වී ඇතතේ පසුගිය 28 වනදා සිටයි.


News Articles
Latest Videos
Most Popular Post