News Line| Off Air| Games
Generic placeholder image

Sep
12

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක්

829 Views


ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ගුවන් මගීන්ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුවත් කිරීමක් සහ ඉල්ලීමක් සිදු කරනවා. එනම් ගිනි ගැනීමේ අවදානමක් පවතිනවා ලෙස සැලකෙන ඇපල් අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග ගුවන් ගමන් සදහා රැගෙන යාමට අවසර නොදෙන බව ගුවන් මගීන්ට ප්‍රකාශ කර සිටිනවා.

ඇපල් සමාගම විසින් සීමිත සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති අඟල් 15 මැක්බුක් ප්‍රෝ ඒකකයේ බැටරි අධික ලෙස රත් වී ගිනි ගැනිමේ අවදානමක් මතුව ඇති බව එම සමාගම විසින් නිවේදනය කර තිබෙන අතර ඒ අනුව විශේෂයෙන් ගුවන් මගින් සතුව පවතින එම උපාංග එවැනි බලපෑමක් නොමැති බවට ඇපල් සමාගමෙන් තහවුරු කර ගන්නා ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලීමක් කරනවා. ගුවන් මගීන්ට සිදුවන අපහසුතා වලක්වා ගැනීමට කලින් මේ පිලිබදව දැනුවත් වී අවශ්‍ය ආකාරයට ගුවන් සමාගමට සහය දක්වන ලෙස වැඩි දුරටත් සදහන් කරනවා.

ඒ අනුව එම නිසා ඇපල් සමාගමේ වෙබ් පිටුවට පිවිස එහි උපදෙස් අනුව කටයුතු කර තමා සතු උපාංගවල බැටරි ප්‍රතිස්ථාපනය කරගැනිමට කටයුතු කරන ලෙස දන්වා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post