News Line| Off Air| Games
Generic placeholder image

Oct
22

සජිත් ජනපති වූ විගස තනි සිගරුට්ටුව තහනම් කරන බව රාජිත කියයි

525 Views


සජිත් ජනපති වූ විගස තනි සිගරුට්ටුව තහනම් කරන බව රාජිත කියයි

සජිත් ප්‍රේමදාස මහතා ජනපති ධුරයට පත්වු විගස තම ප්‍රථම රාජකාරිය ලෙස තනි සිගරුට්ටුව විකිණීම තහනම් කිරිමට අවශ්‍ය නීතිමය කටයුතු සම්පාදනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිත්වයෙන් යුතුව පිහිටුවන නව රජයක් යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු විය යුතු ප්‍රවර්ධන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාත් වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් සමඟ පැවති සාකච්ජාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ඊයේ (21) පැවති උත්සවයේදි අදහස් දැක්වු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ දුම්කොළ පාලනය පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානයේ රාමු සම්මුතියට අනුව මේ වනවිට එහි සම්මුතීන් 22 න් 21ක් අප රට ක්‍රියාත්මක කර ඇති බවත්, අවසන් සම්මුතිය වන තනි දුම්වැටිය විකිණීම තහනම් කිරිම පිළිබද සම්මුතිය ක්‍රියාත්මක කිරිමට අදාළව තමන් අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ ද ඊට මහා භාණ්ඩාගාරයෙන් විරුද්ධත්වය පළ කළ බවයි.

දුම්කොළ සම්බන්ධයෙන් තමන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් රජයට ලැබෙන විශාල බදු ආදායමක් අහිමි වන බැවින් සහ තනි සිගරට්ටුව විකිණීම තහනම් කිරිම නිසා තවත් බදු ආදායම් රජයට අහිමි වන බැවින් ඔවුන් ඊට විරුද්ධත්වය පළ කරන ලද බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

දුම්වැටි පාලනය කිරිමට තමන් ගන්නා ඉහත ක්‍රියාමාර්ග හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාලන කාලය තුළ දුම්කොළ පාලනය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රාමු සම්මුතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.


News Articles
Latest Videos
Most Popular Post