News Line| Off Air| Games
Generic placeholder image

Oct
1

සජින් ද වාස්ගේ නඩුවට දින නියම කරයි

431 Views


සජින් ද වාස්ගේ නඩුවට දින නියම කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාලයේ රුපියල් තිස්කෝටියකට වැඩි මුදලක් උපයාගෙන මුදල් විශුද්ධිකරණ වැරදි සිදුකළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ පෙබරවාරි 25 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කරනු ලැබුවා.

පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති පස්දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමටද විනිසුරුවරයා එහිදී නියෝග කළ බව සදහන්.

එමෙන්ම පැමිණිල්ල විසින් විත්තියට ලබාදිය යුතු ලේඛන නිසි ආකාරව ලබාදී ඇත්දැයි නිශ්චිත කරගැනීම සඳහා එම නඩුව ලබන නොවැම්බර් 1 වනදා යළි කැඳවීමටද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියම කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post