News Line| Off Air| Games
Generic placeholder image

Feb
23

සප්ත කන්‍යාවේ අභිරහස සෙවීමට අවස්ථාවක්

1129 Views


සප්ත කන්‍යාවේ අභිරහස සෙවීමට අවස්ථාවක්

මෙතෙක් ශ්‍රී ලංකාව තුල සිදු වු බිහිසුණුතම ගුවන් අනතුර සිදු වුණු ලක්ෂපාන කදුවැටිය සංචාරය කිරිමටත් තරණය කිරිමටත් දෙස් විදෙස් සංචාරකයන්ට ලගදිම අවස්තාව ලබාදෙන බව අඹගමුව  ප්‍රාදේශීය  සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසිය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ සංකල්පයක් මත අඹගමුව ප්‍රාදේශිය සභා බල  ප්‍රදේශය සංචාරක කලාපයක් බවට ප්‍රවර්ධනය කිරිමේ වැඩසටහනට සමගාමිව සප්ත කන්යා කදුවැටිය තරණය කිරිමට සහ සංචාරය කිරිමට අවස්තාව උදාකරන බවයි සභාපතිවරයා කියා සිටියේ.

සප්ත කන්යා කදුවැටි හතෙන් කදු හයක් තරණය කිරිමටත් හයවෙනි කදුවැටිය තුල නැරඹුම් මැදිරියක් ස්ථාපනය කරන බවයි සභාපතිවරයා කියා සිටියේ.

සප්ත කන්යා කදුවැටිය තරණය කිරිම සහ සංචාරය කිරිමට වනජිවි දෙපාර්තුමේන්තුවෙන් නිසි අවසර ලබාගෙන එ සදහා තවත් රාජ්‍ය ආයතන කිහිපයක සහයෝගය ලබා ගන්නා බවයි සභාපතිවරයා කියා සිටියේ.

සප්ත කන්යාය කදු තරණය සහ සංචාරය කිරිමෙන් ශ්‍රී පාද රක්ෂිතයේ වෙසෙන අලි රංචුව දැකබලා ගැනිමට අවස්තාව උදාවෙන බවත්,සප්ත කන්යා කදුවැටියේ සිට ලක්ෂපාන දියඇල්ල, ඇබඩින් දියඇල්ල,කදුකරයේ විදුලි බලාගාර සහ ශ්‍රී පාද රක්ෂිතයේ සුන්දර පරිසරයද විද ගැනිමේ අවස්තාව උදාවෙන බවත්, පරිසර හිතකාමි ලෙස මෙම ව්‍යාපෘතිය දියත් කිරිමට සැලසුම් කර ඇති බවයි අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

එම රක්ෂිතය තුල විශාල වශයෙන් කිතුල් ගස් ඇති බවත්, එ තුලින් කිතුල් කර්මාන්තය සංවර්ධනය කිරිමටද සැලසුම් කරන බවයි සභාපතිවරයා කියා සිටියේ .

සප්ත කන්යා කදුවැටිය ඊයේ(22) දින තමන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සංචාරය කල බවද සභපතිවරයා පැවසිය.


News Articles
Latest Videos
Most Popular Post