News Line| Off Air| Games
Generic placeholder image

Apr
4

සමාගම් 03 කින් විදුලිය මිළදී ගැනේ

433 Views


සමාගම් 03 කින් විදුලිය මිළදී ගැනේ

මෙගාවොට් 100 ක ධාරිතාවයක් හදිසි මිලදී ගැනීමක් ලෙස සිදු කිරිමට පෞද්ගලික සමාගම් තුනක් තෝරාගෙන ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

එම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සුලක්ෂන ජයවර්ධන මහතා සඳහන් කළේ විදුලි අර්බුදය විසඳීමේ අරමු‚න් මෙම පියවර ගත් බවයි. ටෙන්ඩර් පටිපාටියට අනුව ඇග්‍රිකෝ,වී පවර් සහ අල්ටාස් යන විදුලි ජනන සමාගම් මේ සඳහා තෝරාගෙන තිබෙනවා.

මෙම ආයතනවලින් මාස 6 ක් විදුලිය මිලදී ගැනීමට නියමිත අතර ඒ සඳහා විදුලි ඒකකයකට රුපියල් 28 ත් 30 ත් අතර මුදලක් ගෙවීමට නියමිතයි. එලෙස විදුලිය මිලදී ගැනීමත් සමග අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබා දීම කෙරෙහි සලකා බලන බවයි සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කලේ.

මේ අතර ඇතිව තිඛෙන විදුලි අර්බුදයට මහජන උපයෝගී කොමිසම ද වගකිව යුතු බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post