News Line| Off Air| Games
Generic placeholder image

Oct
28

සහය දෙන අපේක්ෂකයා ගැන දෙමළ දේශපාලන පක්ෂ වල අවසන් තීන්දුව අනිද්දා

1272 Views


සහය දෙන අපේක්ෂකයා ගැන දෙමළ දේශපාලන පක්ෂ වල අවසන් තීන්දුව අනිද්දා

ජනාධිපතිවරණයේදී සහාය දෙන අපේක්ෂකයා කවුරුන්ද යන්න අනිද්දා ප්‍රකාශයට පත් කිරීමට අද පෙරවරුවේ යාපනයේ පැවති සාකච්ඡාවකදී උතුරේ දෙමළ දේශපාලන පක්ෂ තීරණය කර තිබෙනවා.

ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් නායකත්වය දරණ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන තමිල් අරුසු පක්ෂය, ටෙලෝ හා ප්ලොට් යන සංවිධානවල නියෝජිතයින් ඊට එක්වී ඇති බව සදහන්.

ජනාධිපති අපේක්ෂකයින්ට කරුණු 13 කින් යුත් යෝජනාවලියක් මෙම පක්ෂ විසින් පසුගියදා ඉදිරිපත් කළ අතර, මීට පෙර ද අවස්ථා කිහිපයකදී ඔවුන් රැස්ව සාකච්ඡා සිදුකරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post