News Line| Off Air| Games
Generic placeholder image

Sep
27

ස්වභාවික ආපදා වූ නිවාසවල විදුලි පරිපථ නොමිලේ අළුත්වැඩියා කෙරේ

1323 Views


ස්වභාවික ආපදා වූ නිවාසවල විදුලි පරිපථ නොමිලේ අළුත්වැඩියා කෙරේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශයට පත්වූ නිවාසවල හානි වූ විදුලි පරිපථ නොමිලයේ අළුත්වැඩියා කරදීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක කණ්ඩායම් යොදවන ලෙස, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දි තිබෙනවා.

දින ගණනාවක් මුළුල්ලේ දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි ගස් කඩාවැටීම් සහ නායයාම් තත්ත්වයන් ඇති වී තිබෙන අතර ඒතුළින් නිවාස වලට විශාල වශයෙන් හානි සිදුවී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ස්වභාවික ආපදා තත්ත්වයන් මත තම නිවෙස් හෝ ව්‍යාපාරික ස්ථානයන්හි අභ්‍යන්තර විදුලි පරිපථ අක්‍රීය වී ඇත්නම්, ඒ බව ළගම පිහිටි විදුලිබල මණ්ඩලයේ කාර්යාලයට දැනුම්දීමෙන්, අදාළ විදුලි පරිපථ යතා තත්ත්වයට පත්කර ගැනීමේ සේවාව, ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් නොමිලයේ ලබාගත හැකි බව විෂයබාර අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post