News Line| Off Air| Games
Generic placeholder image

Jul
29

සියලු රෝග නිවාරණය කරනා රාවණාගේ රස වෙදකම

388 Views


සියලු රෝග නිවාරණය කරනා රාවණාගේ රස වෙදකම

මීට අවුරුදු 8000කට පෙර ශ්‍රී ලංකාවේ රජකම් කළ මහා රාවණා රජු “දසිස් “ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ ඔහු ප්‍රගුණ කළ දස විධ ඥාණ හේතුවෙනි. ඒ අතුරින් එකක් වන්නේ වෛද්‍ය විද්‍යාවයි. මේ රස වෙදකම කියන්නේ මහා රාවණා රජු විසින් සොයාගත් එක් වෛද්‍ය ක්‍රමයක්.

මෙම රස වෙදකම අයුර්වේදයේ වගේම දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ ඇති සුවිශේෂී වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක්. රස වෙදකමට මූලික වන්නේ රසදිය සහ රත්‍රන්. රන්, රිදී, මුතු, මැණික් සහ රසදිය භාවිතා කරමින් රාවණා රජු විසින් මෙම ප්‍රතිකාර ක්‍රමය සිදුකර ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා. රස ‌වෛද්‍ය ශාස්ත්‍රය අනුව සංස්කරණය කර ප්‍රයෝජනයට ගෙන ඖෂධ වලට ගන්නා ජනතාව අවමයි. ‌මෙමගින් සුව කළ හැකි රෝග බොහෝයි. ශාක ඖෂධවලට වඩා රස ඖෂධ වල ක්‍රියාකාරීත්වය ඉක්මන්.

රසදිය යනු සියලු ද්‍රව්‍ය වල ශක්තීන් උකහා ගත හැකි සුවිශේෂී ඛණිජයක් ලෙස සැළකේ. දීප්තිමත් රත්‍රන් කැබැල්ලක් රසදිය බඳුනක ගිල්වා ස්වල්ප වේලාවක් තබාගත් විට රත්‍රන් කැබැල්ලේ දීප්තිය අඩුවේ. එයට හේතුව එහි මතුපිට රත්‍රන් ලෝහ රසදිය මගින් උරා ගන්නා බැවිනි. රසදිය සහ රත්‍රං හොඳ ඖෂධ සංයෝගයකි.

රස වෙදකම බහුලව භාවිතා කරන්නේ රක්ත ශෝධනය සඳහා වේ.එනම් රුධිරයේ ඇති විෂ ඉවත් කිරිමටයි.

අපගේ සිරුරට විෂ ඇතුළු විය හැකි අවස්ථා අතර බෝවන රෝගද වේ. පැපොල, සෙම්ප්‍රතිශාව, සරම්ප, ඩෙංගු, කොරෝනා ආදී වෛරස රෝගද කැස්සද බෝවන රෝග ගණයට අයත් වේ.

රසදිය හා රත්‍රං මිශ්‍ර ඖෂධ ඉතා ඉක්මනින් ක්‍රියා කරයි. මෙම ඖෂධ ශරීරයේ ඉන්ද්‍රියන්, රුධිර සංසරණය ක්‍රියාවලිය, ඇට කටු, ඇට මිදුලු වල හොඳින් ක්‍රියාකරයි. නවීනයන් කියන වෛරස් රෝග විෂම රෝගවලට පත් කිරීමට මෙම ඖෂධ ප්‍රයෝජනවත් ය

එවගේම මෙම රස වෙදකමෙන් පිළිකා, වකුගඩු ආශ්‍රිත රෝග සහ එදිනෙදා ජීවිතයේදී හටගන්නා උණ, ප්‍රතිශ්‍යාව, උදරාබාධ වැනි සාමාන්‍ය රෝගයන්ගේ සිට කල්ගතවූ අසාධ්‍ය රෝගද සුවකළ හැකියි.

රූපලාවන්‍ය සඳහා රස වෙදකම භාවිතය

රස වෙදකම මගින් සමේ වියපත්භාවය පමා කර සමේ තරුණ පෙනුුම රැකගත හැකියි. රස වෙදකම සඳහා භාවිතා වන රත්‍රං මඟින් සමේ පැහැය දීප්තිමත් කළ හැකි වේ.

සියත ජීවමාන මහා රාවණා වැඩසටහනේදී රූපලාවන්‍ය සඳහා රස වෙදකම භාවිතයෙන් අත් කරගත හැකි ප්‍රතිලාභ ගැන සාකාච්ඡා වූයේ මෙලෙසයි,


News Articles
Latest Videos
Most Popular Post