News Line| Off Air| Games
Generic placeholder image

Sep
12

සිරකරුවන් 450 කගේ සහභාගිත්වයෙන් විශේෂ පින්කම් මාලාවක්

1518 Views


සිරකරුවන් 450 කගේ සහභාගිත්වයෙන් විශේෂ පින්කම් මාලාවක්

එළිමහන් සිරකඳවුරුවල පුනරුත්ථාපනය ලබන සිරකරුවන් 450 කගේ සහභාගිත්වයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි සෑ රඳුන් අභියස විශේෂ පින්කම් මාලාවක් පැවැත්වීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර තිබෙනවා.

2019.09.15 දින පස්වරු 2.00 ට පින්කම් මාලාව ආරම්භ වන අතර එම අවස්ථාව සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් සහභාගි වීමට නියමිතයි.

එදින පස්වරු 2.00 ට අනුරාධපුර සිංහ කණුව අභියස සිට රැඳවියන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දක්වා පෙරහරින් ගොස් විශේෂ බෝධි පූජාමය පින්කම සදහා සහභාගි වනවා.

බෝධී පූජාමය පින්කමෙන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සිට රුවන්වැලි සෑ රදුන් අභියස දක්වා පෙරහරින් ගොස් පස්වරු 5.00 ට එහි පැවැත්වෙන විශේෂ අධිෂ්ඨාන පූජාව සදහා ද රැදවියන් සහභාගි විමට නියමිතයි.

මෙම පින්කම සඳහා තල්දෙන, අනුරාධපුර, පල්ලේකැලේ හා වාරියපොළ යන එළිමහන් සිර කඳවුරුවල රැඳවියන් සහභාගි වනවා.


News Articles
Latest Videos
Most Popular Post