News Line| Off Air| Games
Generic placeholder image

Mar
6

” සීනි කොහේ තිබුණත් කූඹි වහනවා ” පිට පිටම හතර වතාවක්ම ඔප්පු කරමින් අරවින්ද ලොකුගේ ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

5577 Views


” සීනි කොහේ තිබුණත් කූඹි වහනවා ” පිට පිටම හතර වතාවක්ම ඔප්පු කරමින් අරවින්ද ලොකුගේ ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

2019 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙල ඊයේ කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත් වුණා. එහිදී වර්තමාන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රේඩියෝ නිවේදකයා ලෙස නම් දරා සිටින සියත FM නාලිකාවේ අරවින්ද ලොකුගේ පිට පිට හතරවන වරටත් වසරේ රේඩියෝ නිවේදකයාට හිමි ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ 2016, 2017 හා 2018 වසර වලදීයි.

වසර 18 ක් හිරු FM නාලිකාවේ Morning show ඉදිරිපත් කළ DJ අරා සහ පැස්බරා, 2017 පෙබරවාරි 9 වෙනිදා සිට සියත FM Morning Show ඉදිරිපත් කරේ අරවින්ද සහ ආශ්චර්යා යන නම් වලින්.

“සීනි කොහේ තිබුණත් කූඹි වහනවා” යනුවෙන් නිතරම කියූ අරවින්ද සියතේ සිට ඉදිරිපත් කළ පළමු වැඩසටහනෙන්ම යළිත් තමන්ට ආදරේ කළ ශ්‍රාවකයන් සියතට ගත්තා. ඒ බව YouTube වෙබ් අඩවියට මුදා හල ඔහු ඉදිරිපත් කළ වැඩසටහන් වල හඬ පට වලට ලැබෙන අති විශාල ශ්‍රාවක ප්‍රතිචාර වලින් හිතා ගන්න පුළුවන්.

ඒ වගේම 2016, 2017 හා 2018 දී අරවින්ද ලොකුගේ ලබා ගත්ත වසරේ රේඩියෝ නිවේදකයාට හිමි ජනතා සම්මානය 2019 දී යලිත් සියතට ගැනීම තුලින්ද මෙරට රේඩියෝ ශ්‍රාවකයාගේ හදවතේ ඔහුට කොපමණ අගයක්, ඉඩක් ලැබී තිබේද යන්න හිතා ගන්න පුළුවන්.

දිනපතාම 98.2 හෝ 98.4 FM ඔස්සේ Good Morning අරවින්ද with ආශ්චර්යා වැඩසටහනෙන් උදේ 7 සිට අරවින්ද ඔබව අමතනවා. එම සියලු වැඩසටහන් වල හඬ පට සියත FM YouTube channel එක ඔස්සේත් සියත FM Fan page එක ඔස්සේත් යලිත් අහන්න ඔබට පුළුවන්.

සියත 24 අපිත් ඔබට සුබ පැතුම් එක් කරන්නේ ඔබගේ නිබද ගුරු හරුකම් ලබන්නට ඔබ අසලම රැදී සිටිමේ අභිමානයද සිතේ දරාගෙනය.


News Articles
Latest Videos
Most Popular Post