News Line| Off Air| Games
Generic placeholder image

Apr
4

සුපිරි ක්‍රිකට් ගැටුම අද සිට

573 Views


සුපිරි ක්‍රිකට් ගැටුම අද සිට

සුපිරි පලාත් එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙනවා. තරඟාවලිය රංගිරි දඹුලු හා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණවල දී පැවැත්වෙන්නේ ලබන 11 වනදා දක්වායි.

කොළඹ මහනුවර ගාල්ල සහ දඹුල්ල වශයෙන් කණ්ඩායම් 04 ක් තරගාවලිය සඳහා සහභාගී වනවා. ලීග් ක්‍රමයට අනුව මූලික වටයේ තරග වදින අතර ප්‍රසාද ලකුණු සටහනේ මෙරමුණ ගන්නා කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇති.

දිනේෂ් චන්දිමාල් කොළඹ කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර එහි උප නායකයා වන්නේ උපුල් තරංගයි. මහනුවර කණ්ඩායම මෙහෙය වන්නේ දිමුත් කරුණාරත්න විසින්. එහි උප නායකත්වයතිසර පෙරේරා විසින් දරනු ලබනවා.

ලසිත් මාලිංග ගාල්ල කණ්ඩායමේ නායකයා ලෙසත් එහි උපනායක ලෙස ළහිරු තිරිමාන්නත් පත්කර තිබෙනවා. දඹුල්ල කණ්ඩායම මෙහෙයවන්නේ ඇන්ජලෝ මැතිව්ස් විසින්. උප නායකත්වයට නම්කර ඇත්තේ නිරෝෂන් දික්වැල්ලයි.

ලබන මාසයේ ආරම්භ වන එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මෙම තරගාවලියේදී තෝරා ගැනීමට නියමිතයි. මේ අතර ජාතික කි්‍රකට් කී්‍රඩකයින් විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක් කිරීමට ශ්‍රී ලංකා කි්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

අද ආරම්භවීමට නියමිත පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේදී මෙම පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. යම් ක්‍රීඩකයෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිඛෙන්නේ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමේ සිද්ධියෙන් පසුවයි.


News Articles
Latest Videos
Most Popular Post