News Line| Off Air| Games
Generic placeholder image

Feb
14

හංස පෙරමුණ නිර්මාණය වුයේ මහින්ද කඳවුර විනාශ කිරිමට

577 Views


හංස පෙරමුණ නිර්මාණය වුයේ මහින්ද කඳවුර විනාශ කිරිමට

එළැඹෙන ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ දිනවන්නේ පුද්ගලයෙක් නොව ප්‍රතිපත්තියක් යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඉන්දියානු මාධ්‍යෙව්දින් පිරිසක් සමග අද (14) නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති හමුවකදී ඒ මහතා මෙම අදහස් දැක්වීය.

පුද්ගලයෙක් දිනවිමට හෝ පරාජය කිරිමට ක්‍රියාකිරිම මගින් ශ්‍රි ලාංකික ජනතාව තරම් වෙනත් කිසිදු ජනතාවක් පාඩම් ඉගෙන ගෙන නැතැයිද සඳහන් කළ ඒ මහතා ජනතාවාදී ප්‍රතිපත්ති සහිත පක්ෂයක් ගොඩනැගීමට වසර දෙකකට ආසන්න කාලයක් තමන් ගත කළද ජනාධිපති අපේක්ෂකයා සොයා ගැනීමට එතරම් කාලයක් ගත නොවන බවද සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී හංස පෙරමුණ නිර්මාණය වූයේ මහින්ද කඳවුර විනාශ කිරීමට මිසක් රට දියුණු කිරීමේ අරමුණකින් නොවේ යැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

එයින් රටට සිදුවූ අයහපත මේ වනවිට ජනතාව අවබෝධ කරගෙන ඇති හෙයින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ බිහිවන්නේ රට ගොඩ නැගීම සඳහා ජනතාවාදී සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහාම බවද අවධාරණය කළේය.


News Articles
Latest Videos
Most Popular Post