News Line| Off Air| Games
Generic placeholder image

Mar
9

හිමිකරුවෙක් නැති කෝටි පන්සීයේ දියමන්තියට කරන දේ ගැන පොලිසිය කියයි..!

668 Views


හිමිකරුවෙක් නැති කෝටි පන්සීයේ දියමන්තියට කරන දේ ගැන පොලිසිය කියයි..!

සුගිය කාලයේ රටේම කතාබහට ලක්වුනු රුපියල් කෝටි 500 කට අධික වටිනාකමෙන් යුත් දියමන්තිය මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානතම ගෝලයෙකු බව කියන කැලුම් ඉන්දික නමැත්තා සතුව තිබී සොයා ගැනීමත් සමඟ එම දියමන්තියට සිදුකරන්නේ කුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවුනා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිසිය ප්‍රකාශ කරන්නේ මෙම දියමන්තිය රේගු නීති රීති උල්ලංඝනය කරමින් සෞදි අරාබියේ සිට මෙරටට ගෙන්වා ඇති බව පොලිස්  විමර්ශනවලින් හෙළිවීම නිසා එය රාජ සන්තක කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.එසේම මෙම දියමන්තියේ හිමිකාරිත්වය ඔප්පු කිරීමට එහි හිමිකරුට නීත්‍යනුකූල ලිපි ලේඛන කිසිවක්‌ නොමැති බව ද පොලිසිය පවසන අතර මැණික්‌ ව්‍යාපාරිකයා සතුව ඇති ලිපි ලේඛන පෞද්ගලික ආයතනවලින් ලබාගත් ඒවා බව ද පොලිසිය සඳහන් කරනවා.

අදාළ දියමන්තිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පෑලියගොඩ කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් එය මැණික්‌ හා ස්‌වර්ණාභරණ ආයතනය වෙත ඉදිරිපත් කර තක්‌සේරු වාර්තාවක්‌ ලබාගැනීමට කටයුතු කර තිබූ අතර එම දියමන්තියේ නියම වටිනාකම ලබන 11 වැනිදාට ලබා දෙන මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම දියමන්තියේ හිමිකරු වන මැණික්‌ ව්‍යාපාරිකයා පොලිසියට ප්‍රකාශ කර තිබුණේ තමන් සෞදි අරාබියේ රැකියාවක්‌ කළ කාලසීමාවේදී පස්‌ ගොඩක තිබී මෙම දියමන්තිය හමුවූ බවයි. එසේම එම පස්‌ගොඩ දකුණු අප්‍රිකාවෙන් රැගෙන ආ ඒවා බව ද ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post