News Line| Off Air| Games
Generic placeholder image

Apr
7

හෙට සිට බෙලිඅත්තට කොච්ච්යෙන් යන්න

537 Views


හෙට සිට බෙලිඅත්තට කොච්ච්යෙන් යන්න

ශ්‍රී ලංකේය ඉතිහාසට අලුත් පරිච්ඡේයක් එක් කරමින් අභිනවයෙන් ඉඳිකළ මාතර බෙලි අත්ත දුම්රිය මාර්ගය ජනගත කිරීම 2019 අප්‍රේල් මස 08 වැනිදා එනම් ලබන සඳුදා සිදු කෙරෙනවා. ඒ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදයෙන් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සුරතිනි. දකුණු ලකට අලුත් මඟක් යන තේමාව යටතේ පැවැත්වෙන එහි ජාතික මහෝත්සවය එදින උදෑසන නවයට මාතර දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන්නේ උදෑසන අටයි තිහට වේ. උදෑසන නවයට යෙදෙන සුබ මොහොතින් මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ මංගල දුම්රිය ගමන් ආරම්භ කරයි. එම දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානය ළඟා වීමෙන් පසුව ජාතික මහෝත්සවය පෙරවරු 10.30ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ එළිමන් පරිශ්‍රයේ පැවැත්වෙනවා.

S – 12 වර්ගයේ වායුසමනය කළ දුම්රිය මැදිරි අටකින් යුතු වන අතර එම දුම්රිය චීන නිෂ්පාදනයක් වේ. පැයට කිලෝමීර් 120ක වේගයෙන් ගමන් කළ හැකි මෙම දුම්රිය මාර්ගයේදී මාතර සිට බෙලිඅත්ත දක්වා ගමන් කිරීමට ගත වන කාලය විනාඩි විස්සකි.

අභිනවයෙන් විවෘත කෙරෙන මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ බෙලිඅත්තේ දුම්රිය ස්ථායෙන් ගමන් ආරම්භ කරනා දුම්රිය 7ක් වේ. එයින් එක් දුම්රියක් ගාල්ල දක්වාද දුම්රිය 4ක් මරදාන දක්වාද ගමන් කරයි. යාපනය සහ වව්නියාව දක්වා සෙසු දුම්රිය දෙක ධාවනය කෙරේ. බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් අවසාන කරන දුම්රිය ගණන 6කි. එයින් පහකම ගමනාන්තය වන්නේ මරදානයි. එක් දුම්රියක් වව්නියාව දක්වා ගමන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post