News Line| Off Air| Games
Generic placeholder image

Oct
11

හෙවණැල්ල වගේ ළඟින් හිටපු හැමෝටම හෂිනි කිව්ව කතාව

485 Views


හෙවණැල්ල වගේ ළඟින් හිටපු හැමෝටම හෂිනි කිව්ව කතාව

හෂිනි හා දෙව්නක කියන්නේ කලා ලෝකයේ සිටින ආදරණීය යුවළක්.

පසුගියදා හෂිනි සිය ජීවිතයේ හැරවුම් ලක්ෂයක් සනටහන් කර ගත්තා. ඒ ගමන සාර්ථක කරගන්න ඇයට උපකාර කළ සියලුදෙනාට ඇය ස්තූතිවන්ත වුණේ මෙහෙමයි,

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට මුලින්ම මම යන්න වැඩි කැමත්තක් තිබුණෙ නැහැ. නමුත් කොහොම හරි මගෙ අම්මයි ලොකු අම්මයි එකතු වෙලා ඇප්ලිකේෂන් පුරවලා මාව කැම්පස් එකට දැම්මා.. අවස්ථාවන් කිහිපයකදිම විශ්වවිද්‍යාල ගමන නතර කරන්න මම උත්සහ කරත්, මගේ පවුලේ අය නිසා සහ කැම්පස් එකේ මගේ යාලුවෝ නිසා ඩිග්‍රිය අත අරින්න පුළුවන් කමක් ආවේ නැහැ. සහන් රන්සික, සයරු සංක, ශෂිනි තීක්ෂණා යාලුවෝ තුන්දෙනාට ගොඩක් ස්තූතියි මාත් එක්ක හිටියට. ඉතින් ඔහොම අවුරුදු ගානක් ගෙවිලා ගිහින් පහුගිය සැප්තැම්බර් 20 වැනිදා (20.09.2023) උපාධි ලෝගුව කරට දාගන්න දවස ආවා.
මට කියන්න තියෙන්නෙ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ 1 වසරෙ මම ඉගෙන ගත්ත මගේ ආදරණීය ශ්‍රියාණි ජයවර්ධන ටීචගෙ ඉදල ශිෂ්‍යත්ව පන්තියේ හිටපු උදුලා මිස්ගෙ, සාමාන්‍යපෙළ පන්ති වල උගන්නපු හැම ගුරුවරයෙක්ම සහ කොළඹ විශාඛා විද්‍යාලයේ මගේ පන්තිභාර ගුරුතුමිය ආශා මිස්, මට සංගීතය උගන්වපු ආදරණීය සකුන්තලා මිස් ඇතුළු සියළුම ගුරුවරුන්ගෙ හිත් වලට පුංචි හරි සතුටක්, ආඩම්බරයක් වෙනවා කියලා මම දන්නවා.. ඉතින් මගෙ ආදරණීය ගුරු මෑණිවරුණි, පියවරුණි ස්තූතියි මගේ ජිවිතය හදාගන්න දීපු උපදෙස් වලට.
ඒ වගේම මම විශ්වාස කරනවා කැම්පස් එකේදි දුකට සතුටට හිටපු සුපුන් සර්, රුචිරා මිස්, ශාක්‍යා මිස්, විදුරින්ද සර්, හැමදේම මුල ඉදලා කියලා දීපු ඉෂාරා අක්කි , යදම් අයියා මගේ ප්‍රතිපලය මට ගන්න ඉස්සරහින්ම හිටපු ගුරුවරු කියලා.
මේ හැමදේම මට කරගන්න මගේ පිටිපස්සෙන් හිටපු අම්මා, ලොකු අම්මා, ලොකු අයියා, චූටි අයියා, අක්කි ඇතුළු වචනෙකින් හරි උදව් කරපු මගේ පවුලේ සියලුම දෙනාට ස්තූතියි.
කැම්පස් එකේ විභාග වලදි accompaniments, music tracks හදල දුන්න ශෙනාල් මද්දුමගේ අයියා, එදා ඉදන් හැමදේකදිම බෑ කියන්නෙ නැතුව උදව් කරාට, අදටත් කරනවට ස්තූතියි..
කවදාවත් බෑ නොකියා හැමදාම මාව ලස්සන කරනවට ගොඩක් ස්තූතියි මගේ ලුලූ.. අවුරුදු 10කට වඩා මගේ ළඟින් හිටපු මගේ හොඳම යාලුවා.. ආන්ටි, අංකල්, බන්චි හැමෝටම ආදරෙයි..
ඒ වගේම අහම්බෙන් හම්බවෙලා ලස්සන පින්තූර ටිකක් අරන් දුන්න ඉමෙෂ්ක මල්ලිටත් ස්තූතියි.
අම්මෙ, තාත්තේ , අත අරින්න හදපු තැන් වලදි අත අරින්න නොදී මට හයියක් වුණාට, මගේ වටිනාකම්, දුර්වලකම් ලෝභ නැතුව ඉගැන්නුවාට ස්තූතියි.


දෙව්නක, හැමදේකදිම මගේ හෙවණැල්ල වුණාට, මගේ හයිය වුණාට, ඔයාට ස්තූතිවන්ත වෙන්න වචන දන්නෙ නෑ මං. කිසි කෙනෙක් දන්නේ නැති මගේ කතාව ලස්සන කරන්න මහන්සි වෙනවට ගොඩක් ස්තූතියි. මම ගොඩක් ආදරෙයි. 


News Articles
Latest Videos
Most Popular Post