News Line| Off Air| Games
Generic placeholder image

Feb
14

හොර අරක්කු තහනම් කරගන්න බලපත‍්‍රලාභී අරක්කු සංගමය අධිකරණයට

1317 Views


හොර අරක්කු තහනම් කරගන්න බලපත‍්‍රලාභී අරක්කු සංගමය අධිකරණයට

කෘතිම රා ඇතුලුව හොර මත්පැන් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම සඳහා උපරිම පියවර ගන්නා ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට බල කරමින් මැන්ඩාමුස් ‘රිට්’ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සමස්ත ලංකා මත්පැන් බලපත‍්‍රධාරීන්ගේ සංගමය අධිකරණයේ පෙත්සමක් පවරා තිබෙනවා.

ඒ ලියාපදිංචි නොවූ මෙම මත්පැන් හේතුවෙන් බලපත්‍රලාභී මත්පැන් සමාගම්වල ලාභය අඩුවීම හේතුවෙන් බවද වාර්තා වෙනවා.

එම සංගමයේ සභාපති අජිත් උඩුගම ඇතුළු සාමාජිකයන් 14 ක් ගොනුකර තිබූ මෙම පෙත්සම භාරගත් අභියාචනාධිකරණය ඒ පිළිබඳව සම්පූර්ණ විභාගයක් පැවැත්වීමටද තීරණය කර තිබෙනවා.

පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් කියා සිටින්නේ ක්‍ෂේත‍්‍රය තුළ පවතින දූෂණය අල්ලස අක‍්‍රමිකතා සහ සුරාබදු නීති රෙගුලාසි නිසියාකාරව කි‍්‍රයාත්මක නොවීම නිසා සුරා බදු වශයෙන් වසරකට රුපියල් බිලියන 50 ක පමණ ආදායමක් රජයට අහිමි වන බවයි.

මත්පැන් කර්මාන්තය විධිමත් ලෙස පවත්වාගෙන යාමට පියවර ගැනීමෙන් ශරීර සෞඛ්‍යයට හානිකර විෂ මත්ද්‍රව්‍ය පාරිභෝගික ජනතාවට ලැබීම වළක්වා ඉන් ලැබෙන ආදායම වැඩිකර ගත හැකි වන බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.


News Articles
Latest Videos
Most Popular Post