News Line| Off Air
Generic placeholder image

Dec
2

13 වන විවාහ සංවත්සරයට මතක එක් කල ඒ දෙන්නා…

539 Views


13 වන විවාහ සංවත්සරයට මතක එක් කල ඒ දෙන්නා…

දිනේෂ් තරංග කියන්නේ අප කාගෙත් ආදරය දිනාගත්ත ජනප්‍රිය ගායකයෙක් .

ඔහු හැම නිතරම ගීත නොකලත් ඉඳහිට කරන ගීත නිර්මාණ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳගන්නවා .

ඒ වගේම තමයි දිනේෂ් එයාගේ බි‍රිඳටත් දක්වන්නේ ඉතාමත් විශාල ආදරයක්.

ඊයේ දින මේ දෙදෙනාගේ 13 වන විවාහ සංවත්සරය යෙදිලා තිබුණා.

මෙ දින මේ දෙදෙනා අලුත්ම අලුත් ෆොටෝශූට් එකක් කරලා තිබුණා

එම ඡායාරූප දිනේෂ් තම මුහුණු පොතට එක් කර තිබුණේ ලස්සන සටහනක් එක්කයි

“ඔයා නීතියෙන් මගේ වෙලා අදට අවුරුදු 13ක්.

ඉල්ලන්න ඇත්තෙ එක දෙයයි….මැරෙණකල් මගේ ළඟම ඉන්න”

හෙවනැල්ලක් වන් ආදරයක….

උරුමක්කාරයෙක් වෙන හැම පිරිමියෙක්ම….

වාසනාවන්තයෙක් වන බව මම නුඹෙන් උගත්තෙමි!!!

ජීවිතයේ අසීරුම කාර්තුවකදී පවා, තනි නොකරන ප්‍රේමයක් ලග, අන්තිම හුස්ම හෙලන්නට තරම්…..

මා වාසනාවන්තයෙක් වුනු බව ඔබෙන් උගත්තෙමි!!!

සැබවින්ම ප්‍රාතිහාර්යක් සේ…..

නුඹේ උණුහුම මා ජීවත් කරවන්නට වෙහෙසෙන බව….

මා විශ්වාස කරමි!!!

ඉතින් එකී කොන්දේසිය මත….

මා නුඹට කොන්දේසි විරහිතව ආදරය කරමි!!!


News Articles
Latest Videos
Most Popular Post