News Line| Off Air| Games
Generic placeholder image

Apr
12

මැති ඇමතිවරු 16 ක් ඉල්ලා අස්වෙයි.

541 Views


මැති ඇමතිවරු 16 ක් ඉල්ලා අස්වෙයි.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රීලනිපයේ 16 දෙනෙක් එතුමාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරා. මේ නිසා එජාපයේ අය ඔවුන් සමඟ ලොකු තරහකින් හිටියේ. මේ 16 දෙනා තමන්ගේ ඇමතිධූර, නියෝජ්‍ය ඇමතිධූර සහ රාජ්‍ය ඇමතිධූර වලින් ඉවත් වෙන්න කියලා එජාප මන්ත්‍රීවරු බලපෑම් කරා.

හැබැයි ඔවුන් මුලින් කිව්වේ ඇමතිධූර වලින් ඉවත් වෙන්නේ නෑ කියලා. කොහොම වුනත් මේ 16 දෙනා ඊයේ ජනාධිපතිතුමා හමුවෙලා තමන්ගේ තනතරු වලින් ඉල්ලා අස්වුණා. ඊට පස්සේ ඔවුන් මාධ්‍යට අදහස් දැක්වුවා.

ඩිලාන් පෙරේරා මහතා කිව්වේ ඔවුන් කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නවා කියලා. හැබැයි ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙන්නේ නෑ කියලත් ඔවුන් කිව්වා.


News Articles
Latest Videos
Most Popular Post